ජනපති හා අගමැති සහිතව කැබිනට්ටුව 22කට සීමා වෙයි

(කොළඹ | ලංකාපුවත්) –  ජනාධිපති අනුර කුමාර දිසානායකගේ නව ජාතික ජනබලවේග ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරුන් 21 දෙනෙකු ඊයේ(18) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්හ. නව අග්‍රාමාත්‍යවරිය ලෙස හරිනි අමරසූරිය දිවුරුම් දුන් අතර නව කැබිනට් මණ්ඩලයේ කාන්තා නියෝජනය දෙකකි.

  1. අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය – අධ්‍යාපන, උසස් අධ්‍යාපන, වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය
  2. විජිත හේරත් – විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය
  3. මහාචාර්ය චන්දන අබේරත්න – රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය
  4. නීතිඥ හර්ෂණ නානායක්කාර – අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය
  5. සරෝජා සාවිත්‍රි – කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය
  6. කේ.ඩී. ලාල්කාන්ත – කෘෂිකර්ම, පශූ සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය
  7. ආචාර්ය අනුර කරුණාතිලක – නාගරික සංවර්ධන, ඉදිකිරිම් සහ නිවාස අමාත්‍ය
  8. රාමලිංගම් චන්ද්‍රසේකර් – ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය
  9. මහාචාර්ය උපාලි පන්නිලගේ – ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍ය
  10. සුනිල් හඳුන්නෙත්ති – කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය
  11. ආනන්ද විජේපාල – මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය
  12. බිමල් රත්නායක – ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය
  13. මහාචාර්ය හිනිඳුම සුනිල් සෙනෙවි – බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය
  14. වෛද්‍ය නලින්ද ජයතිස්ස – සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය
  15. සමන්ත විද්‍යාරත්න – වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය
  16. ගණකාධිකාරි සුනිල් කුමාර ගමගේ – තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය
  17. වසන්ත සමරසිංහ – වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධ අමාත්‍ය
  18. මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන – විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය
  19. මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු – කම්කරු අමාත්‍ය
  20. ඉංජිනේරු කුමාර ජයකොඩි – බලශක්ති අමාත්‍ය
  21. වෛද්‍ය ධම්මික පටබැඳි – පරිසර අමාත්‍ය

කෙසේ වෙතත්, ජාතික ජනබලවේගයේ ජ්‍යෙෂ්ඨයින් කිහිප දෙනෙකුටම කැබිනට් අමාත්‍යධූර ලැබී නොතිබූ අතර ජාතික ජනබලවේගයේ කළුතර දිස්ත්‍රික්කයෙන් තේරී පත්ව සිටින ජාතික ජනබලවේගයේ මහලේකම් නිහාල් අබේසිංහ, ගාල්ල දිස්ත්‍රික්කයෙන් තේරී පත් වූ නලින් හේවගේ, කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තේරී පත් වූ නාමල් කරුණාරත්න, කොළඹ දිස්ත්‍රික්කයෙන් තේරී පත් වූ සුනිල් වටගල යන අය ඒ අතර සිටී.

මේ අතර දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තුව නියෝජනය කළ ජ්‍යෙෂ්ඨතම පුද්ගලයා වන හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් තේරී පත්ව සිටින නිහාල් ගලප්පත්ති 10 වැනි පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස පත් කරගැනීමේ සූදානම් ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *