විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා සිය ධුරයේ වැඩ භාර ගනියි

(කොළඹ | ලංකාපුවත්) –  විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ඊයේ, 2024 නොවැම්බර් 18 වැනි දින විදේශ කටයුතු අමාත්‍යාංශයේදී පැවැති චාම් උත්සවයකදී සිය ධුරයේ වැඩ භාර ගත්තේය. මෙම අවස්ථාවට විදේශ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු එක්ව සිටියහ.

අමාත්‍ය විජිත හේරත් මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස 2000 වසරේ සිට ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරයි. මෑතකදී අවසන් වූ මහ මැතිවරණයේදී, ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මැතිවරණ ඉතිහාසයේ අපේක්ෂකයෙකු ලබා ගත් ඉහළම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගනිමින් ඒ මහතා නැවත තේරී පත් වූයේය.

අමාත්‍ය විජිත හේරත් මහතා මීට පෙර සංස්කෘතික කටයුතු සහ ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යවරයා ලෙස කටයුතු කර ඇති අතර නැවත තේරී පත්වීමට පෙර, ඔහු විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙසද කටයුතු කළේය.

අමාත්‍ය විජිත හේරත් මහතා කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාවේදී උපාධිධාරියෙකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *