(කොළඹ | ලංකාපුවත්) – අස්වැසුම ප්‍රතිලාභී පවුල්වල ජීවත්වන අවුරුදු 70 ඉක්මවූ වැඩිහිටියන්ගේ දීමනාව මේ මස සිට සිය ගිණුම් වෙත බැර කිරීමට සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය පියවර ගෙන ඇත.
ඒ අනුව අද (22) සිට රුපියල් 3000ක් වූ වැඩිහිටි දීමනාව ඔවුන්ගේ බැංකු ගිණුම්වලින් ලබාගත හැකිය.
අස්වැසුම යෝජනා ක්‍රමය යටතේ වැඩිහිටියන් 511,086 දෙනෙක් සඳහා රජය මෙලෙස ප්‍රතිපාදන සපයනු ලබයි.