(කොළඹ | ලංකාපුවත්) – 11 වැනි සංස්කරණය ලෙසින් වියට්නාමයේ පැවති මෙවර (2024) Mr. World තරගාවලියේදී ශ්රී ලංකාව නියෝජනය කරමින් ඉදිරිපත් වූ, මේඝ සූරියආරච්චි සුවිශේෂී ජයග්රහණ කිහිපයක් ම අත්පත් කරගැනීමට සමත්විය.
ඒ, ප්රධාන වශයෙන් ‘Mr. World 2024 People’s Choice’ (People’s Champion) ජයග්රාහකයා බවට පත්වෙමිනි.
එමෙන්ම ඔහු අවසන් තරගකරුවන් 10 දෙනා අතරට ද පැමිණ තිබුණේ, එතෙක් මෙතෙක් පැවති Mr. World ඉතිහාසයේ අවසන් දස දෙනා (Top 10 finalist Mr World 2024) අතරට පැමිණි පළමු ලාංකිකයා බවට පත්වෙමිනි.
Mr. World 2024 වේදිකාවෙහි ශ්රී ලාංකීය සංස්කෘතික අභිමානය විදහා දැක්වූ මේඝ සූරියආරච්චි, හොඳම ජාතික ඇඳුම සඳහා වන ජනතා සම්මානය ද තමන් සතු කරගැනීමට සමත්කම් දක්වා තිබුණි.(Best National Costume – People’s Choice Award – Mr World 2024)
මීට අමතරව Talent show finalist Mr World 2024, Beauty with a purpose Top 30 ලෙසත් ලාංකීය නාමයට වටිනාකම් එකතු කිරීමට මේඝ සමත්විය.
නව පරපුරේ නැඟී එන සිනමා නළු මේඝ සූරියආරච්චි ‘සිනේමා’, ‘මන්දාරා’ සිනමාපට තුළින් වඩාත් කතාබහට ලක්වූ අතර රංගනයට අමතරව ඔහු අධ්යක්ෂවරයෙක්, සංස්කරණ ශිල්පියෙක් සේම කථිකාචාර්යවරයෙකු ද ලෙස කටයුතු කරයි.