(කොළඹ | ලංකාපුවත්) – මෙම වසරේ ලොව වැඩිම පිළිගැනීමට ලක් වූ නගර අතර සීගිරිය පෙරමුණ ගෙන තිබේ.
පරිශීලකයන් විශාල ප්‍රමාණයක් භාවිත කරන බුකින් ඩොට් කොම් වෙබ් අඩවිය මේ බව, අනාවරණය කළේය.
බුකින් ඩොට් කොම් වෙබ් අඩවිය පරිශීලකයින් කෝටි 30 කට අධික සංඛ්‍යාවක් භාවිතා කරයි.
එහි තොරතුරු අනුව ලොවපුරා මිලියන 360 කට අධික පිරිසක් සිය නැරඹුම් සහ නැරඹීම් මධ්‍යස්ථානය ලෙස සීගිරිය පිළිබඳව තොරතුරු සොයා තිබේ.
ශ්‍රී ලංකාවේ සංස්කෘතික ත්‍රිකෝණයේ හදවතෙහි පිහිටා ඇති සීගිරිය ස්වභාවික තේජස සහ ගැඹුරු ඉතිහාසය බාධාවකින් තොරව ඒකාබද්ධ කරන නැරඹිය යුතුම ගමනාන්තය බව බුකින් ඩොට් කොම් වෙබ් අඩවිය වාර්තා කරයි.
යුනෙස්කෝ ලෝක උරුමයක් වන සීගිරි බලකොටුව විශ්මය ජනක දසුන් ලබා දෙන අතර, පුරාණ ශ්‍රී ලංකාවේ ගෘහ නිර්මාණ ශිල්පයේ දීප්තිය ඉස්මතු කරන බව ද වෙබ් අඩවියේ සඳහන්වේ.
මෝස්තර සහිත බතික් නිර්මාණ, විසිතුරු භාජන සහ අත්කම්, රෙදිපිළි සහ සීගිරිය අසළ ගම්මාන මඟ නොහැරිය යුතු බව, බුකින් ඩොට් කොම් වෙබ් අඩවිය සංචාරකයින්ට දැනුම් දෙයි.