සීනි සඳහා වූ බද්දට සමඟාමී ව සිල්ලර මිල වැඩි වී නැහැ – නි ආනයනකරුවන්ගේ සංගමය

(කොළඹ, ලංකාපුවත්) – සීනි ආනයන බද්ද රුපියල් 10කින් වැඩි කළත් වෙළඳපලේ සිල්ලර මිල ඊට සමඟාමීව වැඩිකර නැතැයි සීනි ආනයනකරුවන්ගේ සංගමය පාරිභෝගික සේවා අධිකාරියට ලිඛිතව දන්වා ඇත.

"සීනි සඳහා වූ බද්දට සමඟාමී ව සිල්ලර මිල වැඩි වී නැහැ – නි ආනයනකරුවන්ගේ සංගමය"

උතුරේ සංවර්ධන වැඩපිළිවෙළ සොයා බැලීමට ජනපති යාපනයට

(කොළඹ, ලංකාපුවත්) – උතුරු පළාතේ කි‍්‍රයාත්මක සංවර්ධන වැඩපිළිවෙළේ ප‍්‍රගතිය සහ ඉදිරි සංවර්ධන සැළසුම් පිළිබඳ සොයා බැලීමේ සාකච්ඡාවක් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ(12) යාපනය දිස්ති‍්‍රක් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.

"උතුරේ සංවර්ධන වැඩපිළිවෙළ සොයා බැලීමට ජනපති යාපනයට"

“ජනපතිට කියන්න” වැඩසටහන නව තාක්ෂණයත් සමග ඉදිරියට

(කොළඹ, ලංකාපුවත්) –රජයේ සේවා සැපයීමේ කි‍්‍රයාවලිය ශක්තිමත් කරමින් මහජන ගැටලු, දුක්ගැනවිලි සහ අදහස් හා යෝජනා ගරු ජනාධිපතිතුමා වෙත කාර්යක්ෂමව හා සරලව ඉදිරිපත් කිරීමට සහ ඊට කඩිනම් ඵලදායී විසඳුම් ලබා දීමට පහසුකම් සලසමින් ආරම්භ කළ “ජනපතිට කියන්න” වැඩසටහනේ පරිගණක වැඩසටහන සකස් කිරීම ශී‍්‍ර ලංකා මොබිටෙල් ආයතනය මගින් සිදුකර තිබෙන අතර එය නිල වශයෙන් ජනාධිපති කාර්යාලය වෙත භාරදීම ඊයේ (12) පෙරවරුවේ සිදු විය.

"“ජනපතිට කියන්න” වැඩසටහන නව තාක්ෂණයත් සමග ඉදිරියට"

සාපෙළ නියමිත දිනට පසු එවන අයදුම්පත් භාර නොගනී – විභාග දෙපාර්තමේන්තුව

(කොළඹ, ලංකාපුවත්) – 2017 අධ්‍යයන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ අයදුම්පත් භාර ගැනීම අනිද්දායින් (14) අවසන්වන බව විභාග දෙපාර්තමේන්තුව සදහන් කරයි.

"සාපෙළ නියමිත දිනට පසු එවන අයදුම්පත් භාර නොගනී – විභාග දෙපාර්තමේන්තුව"

බෝ නොවන රෝග පාලනයට දැක්වූ මෙහෙවරට ජනපතිට සම්මානයක්

(කොළඹ, ලංකාපුවත්) – බෝ නොවන රෝග (NCDs)පාලනය සදහා දියත් කළ වැඩසටහන් සඳහා ලබාදුන් විශිෂ්ඨ දායකත්වය වෙනුවෙන් ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට සහ සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා වෙත සම්මානයක් පිරිනැමීමට ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් තීරණය කර තිබේ.

"බෝ නොවන රෝග පාලනයට දැක්වූ මෙහෙවරට ජනපතිට සම්මානයක්"

ශ්‍රී ලංකා වරාය අධිකාරිය සඳහා තුන් අවුරුදු සංවර්ධන සැලැස්මක්

(කොළඹ, ලංකාපුවත්) – වරාය හා නාවික අමාත්‍ය මහින්ද සමරසිංහ මහතාගේ උපදෙස් මත ශ්‍රී ලංකා වරාය අධිකාරියේ වත්මන් සභාපති ආචාර්ය පරාක්‍රම දිසානායක මහතාගේ හා වත්මන් කළමනාකරීත්වයේ මගපෙන්වීම යටතේ ශ්‍රී ලංකා වරාය අධිකාරිය සඳහා තුන් අවුරුදු සංවර්ධන සැලැස්මක් සකස් කිරීමට කටයුතු යොදා ඇත.

"ශ්‍රී ලංකා වරාය අධිකාරිය සඳහා තුන් අවුරුදු සංවර්ධන සැලැස්මක්"

මෙලනියා ට්‍රම්ප් ධවල මන්දිරයට යයි

(කොළඹ, ලංකාපුවත්) – අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බිරිඳ මෙලනියා සහ පුත් බැරන් වොෂින්ටනයේ ධවල මන්දිරයේ පදිංචියට පැමිණ ඇති බව බීබීසී පුවත් සේවය වාර්තා කරයි.

"මෙලනියා ට්‍රම්ප් ධවල මන්දිරයට යයි"

‘ශ්‍රී ලංකාවේ ජනතාවට ආපදාවලින් ගැලවෙන්න පුහුණුව ඕනෑ’ – ජපන් කණ්ඩායම කියයි

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ කාලගුණ තත්ත්වය පිළිබඳව තාක්ෂණික අධ්‍යයනයක් සඳහා දිවයිනට පැමිණි ජපන් විශේෂඥ කණ්ඩායම සිය වාර්තාව ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා වෙත භාර දෙමින් අවධාරණය කර ඇත්තේ ආපදාවලට ලක්වීමේ අවදානම් ඇති ප්‍රදේශවල පදිංචිකරුවන් සඳහා පුහුණුව ලබා දීම අත්‍යාවශ්‍ය බව ය.

"‘ශ්‍රී ලංකාවේ ජනතාවට ආපදාවලින් ගැලවෙන්න පුහුණුව ඕනෑ’ – ජපන් කණ්ඩායම කියයි"

කාසියේ වාසිය ගත් පාකිස්තානය පළමුව ලකුණු රැස්කිරීමට ලංකාවට දෙයි

(කොළඹ, ලංකාපුවත්) – අයි සී සී ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර අද (12) කාඩිෆ්හිදි පැවත්වෙන තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට පකිස්ථාන කණ්ඩායම සමත් විය.

"කාසියේ වාසිය ගත් පාකිස්තානය පළමුව ලකුණු රැස්කිරීමට ලංකාවට දෙයි"

ඥානසාර හිමි අධිකරණයට ඉදිරිපත් කරන බවට උන්වහන්සේගේ නීතීඥවරයාගෙන් පොරොන්දුවක්

(කොළඹ, ලංකාපුවත්) –බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ ඉදිරි නඩු දිනයේදී අධිකරණයට ඉදිරිපත් කරන බවට උන්වහන්සේගේ නීතීඥවරයා අධිකරණය හමුවේ අද(12) පොරොන්දු විය.

"ඥානසාර හිමි අධිකරණයට ඉදිරිපත් කරන බවට උන්වහන්සේගේ නීතීඥවරයාගෙන් පොරොන්දුවක්"