ඉන්දීය අගමැති දිවයිනට පැමිණීම තහවුරුයි

(කොළඹ, ලංකාපුවත්) –මැයි මස 12,13 සහ 14 යන දින වල ශ්‍රී ලංකාවේදී ප්‍රථම වරට පැවැත්වෙන 2017 එක්සත් ජාතීන්ගේ වෙසක් දින උළෙල හා ලෝක බෞද්ධ සමළුවට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ඇතුළු විදේශ රාජ්‍ය නායකයින් 17 දෙනෙකු හා රටවල් 80ක බෞද්ධ නියෝජිත කණ්ඩායම් සහභාගි වන බව අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පවසයි.

"ඉන්දීය අගමැති දිවයිනට පැමිණීම තහවුරුයි"

පාසල් අවට දූම්වැටි විකිණීම තහනම් කෙරෙන කැබිනට් පත්‍රිකාවක්

(කොළඹ, ලංකාපුවත්) –පාසල් අවට මිටර් 500 ක් ඇතුළත දූම්වැටි විකිණීම තහනම් කිරිමට අවශ්‍ය කැබිනට් පත්‍රිකා කැබිනට් මණ්ඩලයට යොමු කර තිබෙන බව සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා සදහන් කරයි.

"පාසල් අවට දූම්වැටි විකිණීම තහනම් කෙරෙන කැබිනට් පත්‍රිකාවක්"

ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට රෝගීන් ප්‍රවාහනය කිරීමේ කාර් රථ සේවාවක්

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට රෝගීන් ප්‍රවාහනය කිරීමේ කාර් රථ සේවාව සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ආරම්භ විය.

"ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට රෝගීන් ප්‍රවාහනය කිරීමේ කාර් රථ සේවාවක්"

අවතැන් සියලු දෙනාට මාස 3ක් ඇතුළත නව නිවාස – අගමැති කියයි

(කොළඹ, ලංකාපුවත්) – මීතොටමුල්ල කසළ කන්දේ කොටසක් කඩා වැටීමෙන් ආපදාවට ලක්වූ සියලූදෙනාට මැයි, ජුනි සහ ජූලි මාස වන විට නව නිවාස ලබාදීමට දැනට කටයුතු කරමින් සිටින බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

"අවතැන් සියලු දෙනාට මාස 3ක් ඇතුළත නව නිවාස – අගමැති කියයි"

මීතොටමුල්ල විපතට පත් වූවන්ට නීතියේ ආධාර

(කොළඹ, ලංකාපුවත්) – මීතොටමුල්ල ඛේදවාචකයෙන් විපතට පත් ජනතාව වෙනුවෙන් ජනතාව වෙනුවෙන් නීතියේ ආධාර ලබාදීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා නීතීඥ සංගමය පවසයි.

"මීතොටමුල්ල විපතට පත් වූවන්ට නීතියේ ආධාර"

එංගලන්ත දේශගුණයට හුරු කරවීමට ශ්‍රී ලංකා පිලට දියතලාවේ පුහුණු සැසියක්

(කොළඹ, ලංකාපුවත්) – එළැඹෙන අයි.සි.සී. චැම්පියන්ස් ලීග් එක්දින ක්‍රිකට් ශූරතාවලිය ඉලක්ක කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් පිල ලබන මැයි මස 10 වැනිදා මහනුවර සහ දියතලාවේ දින 6ක පුහුණු සැසියක් ආරම්භ කිරීමට නියමිතය.

"එංගලන්ත දේශගුණයට හුරු කරවීමට ශ්‍රී ලංකා පිලට දියතලාවේ පුහුණු සැසියක්"

අගමැති යළි දිවයිනට

(කොළඹ, ලංකාපුවත්) – වියට්නාමයේ නිල සංචාරයක නිරත වූ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අද (19) අලූයම දිවයිනට පැමිණි බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය පැවසීය. සිංප්පූරුවේ සිට පැමිණි ඊ කේ 349 දරණ යානයෙන් අලූයම 1.55ට පමණ අග‍්‍රාමාත්‍යවරයා ඇතුළු පිරිස දිවයිනට පැමිණ ඇත.

"අගමැති යළි දිවයිනට"

බ්‍රිතාන්‍යයේ හදිසි මහ මැතිවරණයක්

(කොළඹ, ලංකාපුවත්) –ලබන ජුනි 08 වනදා බ්‍රිතාන්‍යයේ හදිසි මහ මැතිවරණයක් කැඳවන මෙන් පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටින බව අගමැතිනි තෙරේසා මේ මින් මොහොතකට පෙර නිවේදනය කළ බව විදෙස් මාධ්‍ය වාර්ථා කරයි.

"බ්‍රිතාන්‍යයේ හදිසි මහ මැතිවරණයක්"

පොළොන්නරුවේ ව්‍යාපෘතිවල ප්‍රගතිය ජනපති සාකච්ඡා කරයි

(කොළඹ, ලංකාපුවත්) –පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සංවර්ධනය මුවාවෙන් වගාකිරීම් නවතා තිබූ ගොවිබිම් නැවත වගා කිරීමට අවශ්‍ය කටයුතු සකසන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. පොළොන්නරු දිස්ත‍්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමක් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් පුලතිසිපුර ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ ශ‍්‍රවණාගාරයේ දී ඊයේ (18) පැවැති අතර එහිදී ජනාධිපතිතුමා මෙම උපදෙස් ලබා දුන්නේය.

"පොළොන්නරුවේ ව්‍යාපෘතිවල ප්‍රගතිය ජනපති සාකච්ඡා කරයි"

සෑම සමෘද්ධි බැංකුවකටම වැඩිහිටි දිවා සුරැකුම් මධ්‍යස්ථානයක්

(කොළඹ, ලංකාපුවත්) –දිවයින පුරා පිහිටි සමෘද්ධි බැංකු 1074 විසින් විමර්ෂණය කෙරෙන වැඩිහිටි දිවාසුරැකුම් මධ්‍යස්ථාන 1074 ක් 2017 වර්ෂය අවසන් වන විට ආරම්භ කිරීමට සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව සූදානම් වෙයි.

"සෑම සමෘද්ධි බැංකුවකටම වැඩිහිටි දිවා සුරැකුම් මධ්‍යස්ථානයක්"