රෝගීන්ගේ DNA පරීක්ෂාකර ඖෂධ නියම කිරීමේ වැඩපිළිවෙළකට අනුමැතිය

(කොළඹ, ලංකාපුවත්) – රෝගීන්ගේ ඩී එන් ඒ පරීක්ෂාකර ඖෂධ නියම කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න අනුමැතිය ලබාදී ඇත. අමෙරිකා විශේෂඥ වෛද්‍යවරුන් පිරිසක් මේ පිළිබඳ පර්යේෂණ සිදුකර තිබේ.

"රෝගීන්ගේ DNA පරීක්ෂාකර ඖෂධ නියම කිරීමේ වැඩපිළිවෙළකට අනුමැතිය"

වකුගඩු රුධිර කාන්දුකරණ මධ්‍යස්ථාන 900 ක් ඉදිකිරිමට ඉන්දීය ආයෝජනයක්

(කොළඹ, ලංකාපුවත්) – වකුගඩු රෝගය බහුල වශයෙන් පැතිරෙන උතුරු මැද පළාතේ කැබැතිගොල්ලෑව සහ පදවිය මූලික රෝහල් ආශ්‍රීතව ඉදිකළ වකුගඩු රුධිර කාන්දුකරණ ඒකක සහ ප්‍රතිකාර ඒකක සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා විසින් පසුගියදා ජනතා අයිතියට පත් කරන ලදි.

"වකුගඩු රුධිර කාන්දුකරණ මධ්‍යස්ථාන 900 ක් ඉදිකිරිමට ඉන්දීය ආයෝජනයක්"

ජපාන පෞද්ගලික ව්‍යවසාකයකයින්ගේ වගකීමක් අගමැති පෙන්වා දෙයි

(කොළඹ, ලංකාපුවත්) – දකුණු ආසියානු සහ බෙංගාලබොක්ක කලාපීය රටවල ඉහළ යන ජනගහනය ඉලක්ක කරගනිමින් සිදුකරන ආයෝජන සැළසුම් කිරීම ජපාන පෞද්ගලික ව්‍යවසාකයකයින්ගේ වගකීමක් බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියි. අග්‍රමාත්‍යවරයා පවසන්නේ ඉදිරි වසර 20ක කාලය ඇතුළත මෙම කලාපයේ රට වල ජනගහනය මිලියන 250ක් දක්වා ඉහළ යනු ඇති බවය.

"ජපාන පෞද්ගලික ව්‍යවසාකයකයින්ගේ වගකීමක් අගමැති පෙන්වා දෙයි"

යුරෝපා සංගමය යූරෝ මිලියන 42ක මුල්‍ය ආධාර ශ්‍රී ලංකාවට

(කොළඹ, ලංකාපුවත්) – යුරෝපා සංගමය සහ ශ්‍රී ලංකාව අතර පවතින සහයෝගීතාවය තවදුරටත් වර්ධනය කරමින් ශ්‍රී ලංකාව තුල ව්‍යාපෘතීන් දෙකක් ක්‍රියාත්මක කිරීම සඳහා යූරෝ මිලියන 42ක (ආසන්න වශයෙන් රුපියල් මිලියන 6791.4) මුල්‍යාධාර ලබාදීමේ ගිවිසුම් සඳහා යුරෝපා සංගමය සහ ශ්‍රී ලංකා රජය එළඹෙන ලදී.

"යුරෝපා සංගමය යූරෝ මිලියන 42ක මුල්‍ය ආධාර ශ්‍රී ලංකාවට"

ජර්මනියේ පාපන්දු කණ්ඩායමක් ගමන්ගත් බස් රථයකට බෝම්බ ප‍්‍රහාර 03 ක්

(කොළඹ, ලංකාපුවත්) – ජර්මනියේ බොරූසියා ඩොට්මන් පාපන්දු කණ්ඩායම ගමන් ගත් බස් රථයක් ඉලක්ක කරගෙන එරට හොස්ටන් නගරයේදී බෝම්බ ප්‍රහාර 03ක් එල්ල වී තිබේ. යුඒෆා චැම්පියන්ස් ලීග් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව තරගයට සහභාගී වීම සඳහා බොරූසියා ඩොට්මන් කණ්ඩායම හෝටලයේ සිට ක්‍රීඩාංගණයට යමින් සිටින අතරතුර මෙම ප්‍රහාර එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල සදහන්වේ.

"ජර්මනියේ පාපන්දු කණ්ඩායමක් ගමන්ගත් බස් රථයකට බෝම්බ ප‍්‍රහාර 03 ක්"

අවුරුද්දට මාළු දෙන්න සංස්ථාවෙන් අලෙවි සැල් 20ක්

(කොළඹ, ලංකාපුවත්) – සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සවය නිමිත්තෙන් මහජනතාවට අලුත් මාළු මිල දී ගැනීම සඳහා, ලංකා ධීවර සංස්ථාව විසින් නව අලෙවි සැල් 20ක් අලුතෙන් ස්ථාපිත කිරීමට පියවර ගෙන තිබේ.

"අවුරුද්දට මාළු දෙන්න සංස්ථාවෙන් අලෙවි සැල් 20ක්"

ක්‍රීඩා මාධ්‍යවේදී හසිත අකලංක වෙනුවෙන් මුදල් ප්‍රදානයක්

(කොළඹ, ලංකාපුවත්) – හදිසි අනතුරකට ලක්ව රෝගාතුර වී සිටින ක්‍රීඩා මාධ්‍යවේදී හසිත අකලංක වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා මුදල් ප්‍රදානයක් සිදු කරන ලදි.

"ක්‍රීඩා මාධ්‍යවේදී හසිත අකලංක වෙනුවෙන් මුදල් ප්‍රදානයක්"

මලාලා ජගත් සංවිධානයේ සාම නියෝජිතවරියක් වෙයි

(කොළඹ, ලංකාපුවත්) – පාකිස්තාන ජාතික නොබෙල් සාම ත්‍යාගලාභී මලාලා යුසෆායි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාම නියෝජිතවරියක් ලෙස පත් කර ඇත. 19 හැවිරිදි මලාලා මේ වන විට එක්සත් රජධානියේ උසස් පෙළ හදාරමින් සිටියි.

"මලාලා ජගත් සංවිධානයේ සාම නියෝජිතවරියක් වෙයි"

සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර. . . .

පරණ අවුරුද්ද සඳහා ස්නානය අප්‍රේල් මස 12 වැනි බදාදා දින කොහොඹ පත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කොට ඉෂ්ට දේවතා අනුස්මරණයෙහි යෙදී වාසය මැනවි. අලුත් අවුරුදු උදාව අප්‍රේල් මස 13 වැනි බ්‍රහස්පතින්දා රාත්‍රී 02.04 ට හෙවත් අප්‍රේල් මස 14 වැනි සිකුරාදා දින පූර්වභාග 02.04 ට සිංහල අලුත් අවුරුද්ද උදා වේ. පුණ්‍ය කාලය අප්‍රේල් මස 13 වැනි බ්‍රහස්පතින්දා අපරභාග 07.40 සිට අප්‍රේල් මස 14 වැනි සිකුරාදා පූර්වභාග 08.28 දක්වා පුණ්‍ය කාලය බැවින් අප්‍රේල් 13 වැනි බ්‍රහස්පතින්දා…

"සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර. . . ."

අලූත් අවුරුදු නැකැත් සීට්ටුව ජනපතිට පිළිගැන්වේ

(කොළඹ, ලංකාපුවත්) –සිංහල හා දෙමළ අලූත් අවුරුදු නැකැත් සීට්ටුව සාම්ප්‍රදායික චාරිත්‍රානුකූලව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත පිළිගැන්වීම අද (11) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී සිදුවිය. අභ්‍යන්තර වෙළෙද කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික අමාත්‍ය එස්.බී. නාවින්න, අමාත්‍යාංශ ලේකම් ඩී.ස්වරණපාල යන මහත්වරුන් අතින් ජනාධිපතිතුමා වෙත චිරාගත පිළිවෙත් පරිදි නැකැත් සීට්ටුව පිළිගන්වන ලදී.

"අලූත් අවුරුදු නැකැත් සීට්ටුව ජනපතිට පිළිගැන්වේ"