අලුත් අවුරුදු සමය වෙනුවෙන් විශේෂ දුම්රිය හා බස් සේවා

(කොළඹ, ලංකාපුවත්) – සිංහල සහ දෙමළ අලුත් අවුරුදු සමය නිමිත්තෙන් අද (07) සිට විශේෂ දුම්රිය සහ බස් රථ ප්‍රවාහන සේවාවන් ක්‍රියාත්මක කර ඇත. ඒ අනුව අද සිට විශේෂ අතිරේක දුම්රිය කිහිපයක් කොළඹ කොටුව සහ දුර බැහැර ප්‍රදේශ අතර ධාවනයට එක් කරන බව ශ්‍රී ලංකා දුම්රිය සේවය සඳහන් කළේය.

"අලුත් අවුරුදු සමය වෙනුවෙන් විශේෂ දුම්රිය හා බස් සේවා"

ආහාර විෂවී තිදෙනෙකු මරුට – 500ක් රෝහලට

(කොළඹ, ලංකාපුවත්) – ආහාර විෂ වීමක් හේතුවෙන් රෝහල්ගත කළ අම්පාරේ පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. ප්‍රදේශයේ ආගමික ස්ථානයක පැවති පූජාවක් අතරතුර ලබාදුන් ආහාර අනුභව කළ පන්සියයකට අධික පිරිසක් මෙලෙස රෝගී වී රෝහල්ගත කර තිබේ.

"ආහාර විෂවී තිදෙනෙකු මරුට – 500ක් රෝහලට"

අවුරුද්දට සතොසින් රුපියල් 540ක් අඩුවෙන් බඩු මල්ලක්‍ එයි

(කොළඹ, ලංකාපුවත්) – උදාවන සිංහල හා දෙමළ අලූත් අවුරුද්ද නිමිත්තෙන් දිවයින පුරා සතොස අලෙවිසැල් හරහා මහජනතාවට අඩු මිලට අත්‍යවශ්‍ය ආහාර ලබාදීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව රුපියල් 1515ක් වටිනා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය 10ක් අඩංගු ආහාර මල්ලක් රුපියල් 975 ක මිලකට ලබාදීමටයි පියවර ගෙන ඇත.

"අවුරුද්දට සතොසින් රුපියල් 540ක් අඩුවෙන් බඩු මල්ලක්‍ එයි"

තාක්ෂණික ගිවිසුමේ අවසන් වැඩට වෙනුවෙන් අගමැති රනිල්,ඉන්දීය අගමැති හමුවෙයි

(කොළඹ, ලංකාපුවත්) – ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර එළැඹීමට නියමිත තාක්ෂණික ගිවිසුමේ අවසන් කටයුතු සකස් කිරීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ලබන 25වනදා ඉන්දියාවේ සංචාරයක නිරත වීමට නියමිතය.

"තාක්ෂණික ගිවිසුමේ අවසන් වැඩට වෙනුවෙන් අගමැති රනිල්,ඉන්දීය අගමැති හමුවෙයි"

ඉන්දු – ශ්‍රී  ලංකා ධීවර සාකච්ඡා හෙට

(කොළඹ, ලංකාපුවත්) – ඉන්දු – ශ්‍රී ලංකා ධීවර ගැටලුව සම්බන්ධයෙන් තවත් සාකච්ඡා වටයක් හෙට (07) කොළඹදී පැවැත්වීමට නියමිතය. දෙරටේ ධීවර අමාත්‍යාංශ නිළධාරීන් අතර මෙම සාකච්ඡාව පැවැත්වීමට සැළසුම් කර ඇත.

"ඉන්දු – ශ්‍රී  ලංකා ධීවර සාකච්ඡා හෙට"

අවුරුද්දට ගමේ යන්න අමතර ලංගම බස් රථ 3600 ක්

(කොළඹ, ලංකාපුවත්) – සිංහල සහ හින්දු අලූත් අවුරුද්ද නිමිත්තෙන් ගම්බිම් බලා යන ජනතාවගේ පහසුව සඳහා විශේෂ බස් සහ දුම්රිය සේවා අද (06) සිට ක්‍රියාත්මක වේ.

"අවුරුද්දට ගමේ යන්න අමතර ලංගම බස් රථ 3600 ක්"

IPL පළමු ජය වෝනර්ගේ පිළට

(කොළඹ, ලංකාපුවත්) – 2017 අයි.පී.එල්. කි‍්‍රකට් තරගාවලියේ පළමු ජයග‍්‍රහණය වාර්තා කිරීමට ඬේවිඩ් වෝනර්ගේ සන් රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම ඊයේ (05) සමත් විය. ඒ, රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝ්ර් කණ්ඩායම ලකුණු 35 කින් පරාජය කරමිනි.

"IPL පළමු ජය වෝනර්ගේ පිළට"

අයිඑස් ප්‍රහාරයකින් ටික්රිට් නුවර 30ක් මරුට

(කොළඹ, ලංකාපුවත්) – අයිඑස් ත්‍රස්තවාදීන් එල්ල කළ ප්‍රහාරයකින් ඉරාකයේ ටික්රිට් නගරයේ 30කට අධික පිරිසක් මිය ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. විශාල පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වේ. 

"අයිඑස් ප්‍රහාරයකින් ටික්රිට් නුවර 30ක් මරුට"

විහාරස්ථානවලට පූජා ඔප්පු ලබාදෙයි

(කොළඹ, ලංකාපුවත්) – ලබන මැයි මාසයේ ශ්‍රී ලංකාවේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට නියමිත 2017 ජාත්‍යන්තර වෙසක් උළෙලට සමගාමීව දිස්ත්‍රික්ක 16 ක විහාරස්ථාන 60 ක් සඳහා පූජා ඔප්පු ලබාදීමේ වැඩසටහනක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (05) ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

"විහාරස්ථානවලට පූජා ඔප්පු ලබාදෙයි"

හම්බන්තොට වරාය විකිණීම පිළිබඳව මූලික කෙටුම්පතක් සකස් කර නෑ – අගමැති

(කොළඹ, ලංකාපුවත්) – හම්බන්තොට වරාය චීන සමාගමකට විකිණීම පිළිබඳව මූලික කෙටුම්පතක් සකස් කර නොමැති බවත් හවුල් ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යාමට කටයුතු කරන බවත් මේ පිළිබඳව සාකච්ඡා කරමින් සිටින බවත් මේ සම්බන්ධයෙන් එකඟවීමෙන් පසුව ගිවිසුම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

"හම්බන්තොට වරාය විකිණීම පිළිබඳව මූලික කෙටුම්පතක් සකස් කර නෑ – අගමැති"