අවුරුද්දට ගමේ යන්න අමතර ලංගම බස් රථ 3600 ක්

(කොළඹ, ලංකාපුවත්) – සිංහල සහ හින්දු අලූත් අවුරුද්ද නිමිත්තෙන් ගම්බිම් බලා යන ජනතාවගේ පහසුව සඳහා විශේෂ බස් සහ දුම්රිය සේවා අද (06) සිට ක්‍රියාත්මක වේ.

"අවුරුද්දට ගමේ යන්න අමතර ලංගම බස් රථ 3600 ක්"

IPL පළමු ජය වෝනර්ගේ පිළට

(කොළඹ, ලංකාපුවත්) – 2017 අයි.පී.එල්. කි‍්‍රකට් තරගාවලියේ පළමු ජයග‍්‍රහණය වාර්තා කිරීමට ඬේවිඩ් වෝනර්ගේ සන් රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම ඊයේ (05) සමත් විය. ඒ, රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝ්ර් කණ්ඩායම ලකුණු 35 කින් පරාජය කරමිනි.

"IPL පළමු ජය වෝනර්ගේ පිළට"

අයිඑස් ප්‍රහාරයකින් ටික්රිට් නුවර 30ක් මරුට

(කොළඹ, ලංකාපුවත්) – අයිඑස් ත්‍රස්තවාදීන් එල්ල කළ ප්‍රහාරයකින් ඉරාකයේ ටික්රිට් නගරයේ 30කට අධික පිරිසක් මිය ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. විශාල පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වේ. 

"අයිඑස් ප්‍රහාරයකින් ටික්රිට් නුවර 30ක් මරුට"

විහාරස්ථානවලට පූජා ඔප්පු ලබාදෙයි

(කොළඹ, ලංකාපුවත්) – ලබන මැයි මාසයේ ශ්‍රී ලංකාවේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට නියමිත 2017 ජාත්‍යන්තර වෙසක් උළෙලට සමගාමීව දිස්ත්‍රික්ක 16 ක විහාරස්ථාන 60 ක් සඳහා පූජා ඔප්පු ලබාදීමේ වැඩසටහනක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (05) ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

"විහාරස්ථානවලට පූජා ඔප්පු ලබාදෙයි"

හම්බන්තොට වරාය විකිණීම පිළිබඳව මූලික කෙටුම්පතක් සකස් කර නෑ – අගමැති

(කොළඹ, ලංකාපුවත්) – හම්බන්තොට වරාය චීන සමාගමකට විකිණීම පිළිබඳව මූලික කෙටුම්පතක් සකස් කර නොමැති බවත් හවුල් ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යාමට කටයුතු කරන බවත් මේ පිළිබඳව සාකච්ඡා කරමින් සිටින බවත් මේ සම්බන්ධයෙන් එකඟවීමෙන් පසුව ගිවිසුම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

"හම්බන්තොට වරාය විකිණීම පිළිබඳව මූලික කෙටුම්පතක් සකස් කර නෑ – අගමැති"

සයිටම් කොටස්වල තාජුඩින්ගේ අස්ථි නැතැයි ජින්ටෙක් ආයතනය දැනුම් දෙයි

(කොළඹ, ලංකාපුවත්) – මාලබේ සයිටම් ආයතනයේ තිබි සොයා ගනු ලැබු අස්ථි කොටස් සම්බන්ධව සිදු කරන ලද ජාන පරික්ෂණය අනුව ‍එම අස්ථි කොටස් අතර මරණකරුවු රගර් ක්‍රිඩක මොහොමඩ් වසිම් තජුඩින්ගේ අස්ථි කොටස් අඩංගු නොවන බවට ජින්ටෙක් ආයතනය සිය විශ්ලේෂණ වාර්තාව මඟින් දැනුම් දි ඇති බවට රහස් පොලිසිය ඊයේ (05) කොළඹ වැඩබලන මහෙස්ත්‍රාත් ප්‍රසාද් සිල්වා මහතා වෙත දැනුම් දුන්නේය.

"සයිටම් කොටස්වල තාජුඩින්ගේ අස්ථි නැතැයි ජින්ටෙක් ආයතනය දැනුම් දෙයි"

නවීකරණය කරන ලද කටුනායක ගුවන් පථය අද සිට විවෘතයි

(කොළඹ, ලංකාපුවත්) – නවීකරණය කරන ලද කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ ගුවන් පථය අද (06) විවෘත කරන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පැවසීය. අද දහවල් 12 ට ගුවන් පථය විවෘත කරනු ඇත. ඒ අනුව ලොව විශාලතම ගුවන් යානා වන, ඒ 380 පවා ගොඩබැස්සවීමේ හැකියාව පවතින බවද නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.

"නවීකරණය කරන ලද කටුනායක ගුවන් පථය අද සිට විවෘතයි"

‍සීගිරි ළදුනුත් ඔන්ලයින් වෙයි

(කොළඹ, ලංකාපුවත්) – ඵෙතිහාසික මෙන්ම පුරා විද්‍යාත්මක වටිනාකමින් යුත් ලෝක උරුම සීගිරිය නැරඹීම සදහා  දෙස් විදෙස් සංචාරකයින්ට අන්තර්ජාලය ඔස්සේ ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමේ පහසුකම් සැලසේ. මධ්‍යම සංස්කෘතික අරමුදල හා ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA) ඒකාබද්ධව මෙම ඉ-සේවාව ක්‍රියාවට නංවා තිබේ.

"‍සීගිරි ළදුනුත් ඔන්ලයින් වෙයි"

අපවත් වූ මහානායක දවුල්දෙන ඤාණිස්සර නාහිමිගේ ආදාහන පූජෝත්සවය අද

(කොළඹ, ලංකාපුවත්) – අපවත් වී වදාල ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහා නායක අති පූජ්‍ය දවුල්ලෙන ඤාණිස්සර නාහිමියන්ගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය අද (06) පස්වරුවේ කොළඹ නිදහස් චතුරස්‍රයේදී පැවැත්වේ. ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන් පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව ආදාහන පුජෝත්ස්වය පැවැත්වෙනු ඇත.

"අපවත් වූ මහානායක දවුල්දෙන ඤාණිස්සර නාහිමිගේ ආදාහන පූජෝත්සවය අද"

ශූරතාව දිනූ බේස්බෝල් කණ්ඩායම ජනපති හමුවෙයි

(කොළඹ, ලංකාපුවත්) – ඉකුත්දා පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවරදී නිමාවට පත්වූ 13 වැනි බටහිර ආසියානු බේස් බෝල් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා බේස්බෝල් කණ්ඩායම සමත් වූ අතර එම කණ්ඩායම සිය කුසලානය සමඟ පසුගියදා (04)  ජනාධිපති කාර්යාලයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමු විය. කණ්ඩායමේ නායක අකලංක රණසිංහ මහතා විසින් මෙහිදී කුසලානය ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කළ අතර ඔවුන්ගේ දක්ෂතා අගය කරමින් සිය සුබපැතුම් පළ කළ ජනාධිපතිතුමා බේස් බෝල් කණ්ඩායම සමග සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියේය.

"ශූරතාව දිනූ බේස්බෝල් කණ්ඩායම ජනපති හමුවෙයි"