විමල් වීරවංශ උපවාසය අවසන් කරයි

(කොළඹ, ලංකාපුවත්) – රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පසුගිය 21 වනදා සිට ආරම්භ කර තිබූ ආහාර වර්ජනය අවසන් කර තිබේ. ආහාර වර්ජනය නිසා  මන්ත‍්‍රීවරයා ඊයේ(29) බන්ධනාගාර රෝහලේ සිට කොළඹ ජාතික රෝහලට අතුලත් කරන ලදී.

"විමල් වීරවංශ උපවාසය අවසන් කරයි"

උත්සව සමයේ වෙළදසැල් පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙලක්

(කොළඹ, ලංකාපුවත්) – සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් දිවයින පුරා පිහිටි වෙළඳසැල්, හෝටල් සහ ආපන ශාලා පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබේ. සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් පරිදි ජනතාවට ගුණාත්මක හා පිරිසිදු ආහාර ලබාදීමේ අරමුණින් මෙම පරීක්ෂා කිරීම් සිදුකරනු ඇත.

"උත්සව සමයේ වෙළදසැල් පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙලක්"

කන්කසන්තුරේ වරායෙන් තෙල් ගොඩබෑමට සැළසුම්

(කොළඹ, ලංකාපුවත්) – කන්කසන්තුරේ වරායෙන් ඛණිජ තෙල් ගොඩබෑම සදහා ඉදිරියේ දී කටයුතු කරන බව ඛණීජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා සහන් කරයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ උතුරු පළාතට ඛණිජ තෙල් ප‍්‍රවාහනය කිරීම සදහා අධික පිරිවැයක් දැරීමට සිදු වන බවයි.

"කන්කසන්තුරේ වරායෙන් තෙල් ගොඩබෑමට සැළසුම්"

මොහොමඞ් ඉර්ෆාන්ට වසරක තරග තහනමක්

(කොළඹ, ලංකාපුවත්) – පකිස්තානු සුපර් ලීග් ක‍්‍රිකට් තරගාවලියේ දී තරග පාවා දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පකිස්තානු වේග පන්දු යවන ක‍්‍රීඩක මොහොමඞ් ඉර්ෆාන්ට වසරක තරග තහනමක් පනවා ඇත. පකිස්තානු ක‍්‍රිකට් පාලක මණ්ඩලය විසින් මෙම තහනම පනවා තිබේ.

"මොහොමඞ් ඉර්ෆාන්ට වසරක තරග තහනමක්"

ලෝක ජනගහනයෙන් මිලියන 350ක් විශාදයට ගොදුරු වෙලා

(කොළඹ, ලංකාපුවත්) – විශාදය රෝගය විශාල ප්‍රශ්නයක් ලෙස වර්ධනය වෙමින් පවතින බවත් ලෝකයේ මේ වනවිට ජනගහනයෙන් මිලියන 350ක් විශාදයට ගොදුරු වී තිබෙන බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිත වෛද්‍ය Belinda Loring  මහත්මිය පවසයි. අප්‍රේල් 07 දිනට යෙදෙන ලෝක සෞඛ්‍ය දිනය වෙනුවෙන් ක්‍රියාත්මක විශාදය රෝගය පිළිබඳව ජනතාව දනුවත් කිරීමේ වැඩපිළිවෙළ පිළිබඳව සහ රෝගය පිළිබඳව ජනමාධ්‍ය දැනුවත් කිරීම පැවැති මාධ්‍ය සම්මන්ත්‍රණයට සහභගීවෙමින් ඒ මහත්මිය මේ බව පැවසුවාය.

"ලෝක ජනගහනයෙන් මිලියන 350ක් විශාදයට ගොදුරු වෙලා"

බැග්ඩෑඩයේ බෝම්බ පිපිරීමකින් 17 ක් මරුට

(කොළඹ, ලංකාපුවත්) – ඉරාකයේ බැග්ඩෑඩ් අගනුවර මුරපලක් අසල සිදු වු බෝම්බ පිපිරීමකින් පුද්ගලයින් 17 දෙනෙකු මිය ගොස්  60කට අධික සංඛ්‍යාවක් තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය දක්වා ඇත. මුරපල අසල රථවාහන පරික්ෂා කරමින් සිටියදි ඒ අතර තිබු ට්‍රක් රථයක මෙම බෝම්බය පිපිරි ගොස් ඇත

"බැග්ඩෑඩයේ බෝම්බ පිපිරීමකින් 17 ක් මරුට"

දිස්ත්‍රික්ක දෙකක පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරවල වෙනස් වීමක්

(කොළඹ, ලංකාපුවත්) – 2016 ඡන්ද හිමි නාමලේඛනයට අනූව දිස්ත්‍රික්ක දෙකක පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරවල වෙනසක් සිදුව ඇතැයි මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි. ඒ අනූව බදුල්ල දිස්ත්‍රික්කයේ 9ක්ව පැවති පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර සංඛ්‍යාව 8 දක්වා අඩුවන අතර, යාපනය දිස්ත්‍රික්කයේ පැවති මන්ත්‍රී ධුර සංඛ්‍යාව 6 සිට 7 දක්වා වැඩිවී ඇත.

"දිස්ත්‍රික්ක දෙකක පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරවල වෙනස් වීමක්"

නවසීලන්ත ටෙස්ට් තරඟාවලිය ද.අප්‍රිකාවට ජය හිමිවෙයි

(කොළඹ, ලංකාපුවත්) – නවසීලන්තය සමඟ පැවති ටෙස්ට් තරඟාවලිය 1-0ක් ලෙස ජය ගැනීමට දකුණු අප්‍රිකාව ඊයේ (29) සමත් විය. ඒ තෙවන ටෙස්ට් තරඟය ජය පරාජයෙන් තොරව  අවසන් වීමත් සමගයි.

"නවසීලන්ත ටෙස්ට් තරඟාවලිය ද.අප්‍රිකාවට ජය හිමිවෙයි"

යුරෝපයෙන් අස්විමේ ලිපියට අගමැති තෙරේසා මේ අත්සන් තබයි

(කොළඹ, ලංකාපුවත්) – බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්විමේ නිල ක්‍රියාදාමය ආරම්භ කරමින් ලිස්බන් ගිවිසුමේ 50 වැනි වගන්තිය සම්බන්ධ නිල ලේඛනයට එරට අගමැතිනි තෙරේසා මේ, අත්සන් තබා ඇත. අගමැතිවරිය එම ලිපියට අත්සන් තැබිමෙන් පසු යුරෝපා සංගමය වෙත යොමු කළබව විදේශ මාධ්‍ය වාර්තා කර තිබේ. 

"යුරෝපයෙන් අස්විමේ ලිපියට අගමැති තෙරේසා මේ අත්සන් තබයි"

බැදුම්කර විමර්ශන අවසන්වන තෙක් ටෙන්ඩර් මණ්ඩල සාමාජිකයින් ඉවත් කරයි

(කොළඹ, ලංකාපුවත්) – බැදුම්කර ගණුදෙණු පිළිබද ජනාධිපති කොමිසමේ විමර්ශනයන් අවසන් වන තුරු මහ බැංකු ටෙන්ඩර් මණ්ඩලයේ සාමාජිකයින් ඉවත් කිරීමට මූල්‍ය මණ්ඩලය තීරණය කර ඇත.

"බැදුම්කර විමර්ශන අවසන්වන තෙක් ටෙන්ඩර් මණ්ඩල සාමාජිකයින් ඉවත් කරයි"