’ශ්‍රී ලංකා විදේශ ප්‍රතිපතිත්ය ජාත්‍යන්තරයේ විශ්වාසයට’ – විදේශ ඇමති

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාව අනුගමනය කරනු ලබන විදේශ ප්‍රතිපත්තිය ජාත්‍යන්තරයේ විශ්වාසය දිනාගත් නිසා යළි වතාවක් ධවල මන්දිරයේ දොරටුව, ඩවුන්ස්ට්‍රීට්, නව දිල්ලිය, තායිලන්තය, කැන්බරාවල කාර්යාල අපේ නායකයන්ට විවෘත වී ඇති බව විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා කියා සිටියි. කොළඹ ඊයේ(28)පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

"’ශ්‍රී ලංකා විදේශ ප්‍රතිපතිත්ය ජාත්‍යන්තරයේ විශ්වාසයට’ – විදේශ ඇමති"

මෙවර සා.පෙළ සමත්වීම ඉහළ මට්ටමක

(කොළඹ, ලංකාපුවත්) – මෙවර සාමාන්‍ය පෙළ විභාගය සමත්වීමේ ප‍්‍රතිශතය සෙසු වසර සමඟ  සංසන්දනය කිරිමේ දී ඉහළ මට්ටමක පවතින බවත් ගණිතය වැනි විෂයයන් සමත්වීමේ ප්‍රතිශතයන් ද ඉහළ මට්ටමක පවතින බව විභාග කොමසාරිස් ජනරාල්වරයා විසින් තමා වෙත දැනුම් දී ඇති බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය. මෙවර අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයා මේ බව ඊයේ (28) සඳහන් කළේය.

"මෙවර සා.පෙළ සමත්වීම ඉහළ මට්ටමක"

මාධ්‍යවේදී කීත් නොයාර් පැහැර ගැනීමට යොදාගත් වෑන්රථයක් අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) – මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන යාම සදහා යොදාගත් බවට සැක කෙරෙන වෑන් රථයක් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇත. පිළියන්දල ප‍්‍රදේශයේ කාන්තාවක් සන්තකයේ තිබියදී එම වෑන්රථය අත්අඩංගුවට ගෙන තිබේ.

"මාධ්‍යවේදී කීත් නොයාර් පැහැර ගැනීමට යොදාගත් වෑන්රථයක් අත්අඩංගුවට"

යොවුන් පුරය අද සිට

(කොළඹ, ලංකාපුවත්) – . දෙස් විදෙස් තරුණ තරුණියන් 6000ක‍් සහභාගීත්වයෙන් යොවුන් පුරය -2017 අද (29) පස්වරු 5.30 ට ත්‍රිකුණාමලයේ මැක්හෙයිෂර් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වේ. ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශ, ජාතික තරුණ සේවා සභාව සහ ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය එක්ව මෙය සංවිධාන කරනු ලැබේ.අප්‍රේල් 02වනදා දක්වා පැවැත්වෙන මෙවර යොවුන් පුරයේ තේමාව වන්නේ ‘අනාගතය ඇරැඹුණා ’ යන්නයි.

"යොවුන් පුරය අද සිට"

ලංකා සතොස අලෙවිසැල් ජාලය පුළුල් වෙයි

(කොළඹ, ලංකාපුවත්) – උසස් ප්‍රමිතියෙන් යුත් ආහාර ද්‍රව්‍ය අඩුමිලට පාරිභෝගිකයින්ට ලබාදීමේ අරමුණින් දිවයින පුරා සතොස අලෙවිසැල් විවෘත කිරීමට රජය පියවර ගෙන තිබෙන අතර එහි ප්‍රථම අලෙවි සැල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් ඊයේ (28) කොහුවල නගරයේ දී විවෘත කෙරිණි.

"ලංකා සතොස අලෙවිසැල් ජාලය පුළුල් වෙයි"

අද කොළඹට පැය15ක් ජලය කැපේ

(කොළඹ, ලංකාපුවත්) – කොළඹ පළාත් පාලන ආයතන බල ප්‍රදේශ  කිහිපයක අද(29) පැය 15ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සදහන් කරයි. ඒ අනුව උදෑසන 9.00 සිට මධ්‍යම රාත්‍රී 12.00 දක්වා ජල සැපයුම අත්හිටුවනු ඇත.

"අද කොළඹට පැය15ක් ජලය කැපේ"

මහරැජිණගේ රුව සහිත යෝධ රන් කාසියක් සොරකම් කරයි

(කොළඹ, ලංකාපුවත්) – ජර්මනියේ  බර්ලින් නුවර පිහිටා තිබු “බොඩි“කෞතුකාගාරයේ තැන්පත් කර තිබු බ්‍රිතාන්‍ය මහරැජිණගේ රුව සහිත යෝධ රන් කාසියක් සොරකම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ. අදාළ රන් කාසිය ඩොලර් මිලියන 4ක වටිනාකමින් යුතු එකකි. එය කැරට් විසි හතරේ රත්‍රංවලින් නිමවා ඇත.

"මහරැජිණගේ රුව සහිත යෝධ රන් කාසියක් සොරකම් කරයි"

විදුලි පාරිභෝගික අයිතිවාසිකම් ආරක්ෂාවට නව පියවර

(කොළඹ, ලංකාපුවත්) – මේ වසර තුලදී විදුලි බල පාරිභෝගික ආරක්ෂාව තවදුරටත් තහවුරු කිරීම සදහා නව රීති මාලා 11ක් හදුන්වාදීමට නියමිත බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි. විදුලිබල කර්මාන්තයේ නියාමන ආයතනය වන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව වාර්ෂිකව සංවිධානය පාරිභෝගික කතිකාව,අද (28) බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවත්විණි.

"විදුලි පාරිභෝගික අයිතිවාසිකම් ආරක්ෂාවට නව පියවර"

හෙට සිට දිවයින පුරා මදුරු මර්දන සතියක්

(කොළඹ, ලංකාපුවත්) – හෙට (29) සිට දිවයින පුරා මදුරු මර්දන සතියක් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා තිබේ. මේ වසරේ ගතවූ කාලය තුළ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව විසි හතරදහස් පන්සිය හැට දෙකකි.

"හෙට සිට දිවයින පුරා මදුරු මර්දන සතියක්"

නිදහස් පක්ෂ තරුණ සම්මේලනය ලබන 02 වනදා

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ සම්මේලනය ලබන 02 වනදා පැවැත්වෙන බව, නිදහස් පක්ෂ තරුණ පෙරමුණ සදහන් කරයි. එහි සභාපති, ශාන්ත බණ්ඩාර මහතා කොළඹ අද(28) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව පැවසීය.

"නිදහස් පක්ෂ තරුණ සම්මේලනය ලබන 02 වනදා"