සමනල වැව ජලාශයේ පවතින ජල කාන්දුව නවත්වන්න බෑ

(කොළඹ | ලංකාපුවත්) –  දිගු කාලයක් පුරා සමනල වැව ජලාශයේ පවතින ජල කාන්දුව පිළිසකර කර ජල කාන්දුව නතර කල නොහැකි බව ශ්‍රී ලංකා එනර්ජිස් පුද්ගලික සමාගමේ නිලධාරීහු බලශක්ති සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට දැන්වූහ.

"සමනල වැව ජලාශයේ පවතින ජල කාන්දුව නවත්වන්න බෑ"

තවමත් සිංහල බසින් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් ප්‍රකාශයට පත් කරල නැහැ

(කොළඹ | ලංකාපුවත්) –  සිංහල අතහැර දමන භාෂාවන් ගොඩට තල්ලු කරන්නට දරන උත්සහාය වැලැක්විය යුතු බවත් තවමත් සිංහල බසින් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් ප්‍රකාශයට පත් කර නොමැති බවත් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

"තවමත් සිංහල බසින් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් ප්‍රකාශයට පත් කරල නැහැ"

ජනපති රත්මලාන ලලිත් ඇතුළත්මුදලි වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක

(කොළඹ | ලංකාපුවත්) –  නවීන ලෝකයට ගැළපෙන පරිදි වෘත්තීය අධ්‍යාපනය ප්‍රතිසංවිධානය කර මෙරට තරුණ තරුණියන්ට තරගකාරී ලෝක රැකියා වෙළෙඳපළ ජයග්‍රහණය කිරීමට අවශ්‍ය වටපිටාව සකසා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

"ජනපති රත්මලාන ලලිත් ඇතුළත්මුදලි වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක"

ඉරාන විදේශ ඇමති ශ්‍රී ලංකාවේ චාරිකාවක

(කොළඹ | ලංකාපුවත්) – ඉරාන විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය හොසේන් අමීර් අබ්දුල්ලාහියන් මහතා, නිල චාරිකාවක් සඳහා දිවයිනට පැමිණීමට නියමිතව ඇතියි ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය සදහන් කරයි.

"ඉරාන විදේශ ඇමති ශ්‍රී ලංකාවේ චාරිකාවක"

ජනපති සුද්දෝ බලන්න දකුණු වෙරළ තීරයට යයි

(කොළඹ | ලංකාපුවත්) –මෙරට සංචාරක කර්මාන්තයේ සිදුව ඇති නව පිබිදීමත් සමඟ සංචාරක කලාප ආශ්‍රිත පහසුකම් පුළුල් කිරීමට රජය විශේෂ අවධානයකින් කටයුතු කරන අතර, එම කටයුතු සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (17) තංගල්ල සහ ගාල්ල ප්‍රදේශවල නිරීක්ෂණ චාරිකාවකට එක් විය.

"ජනපති සුද්දෝ බලන්න දකුණු වෙරළ තීරයට යයි"

ලංකාවට ජාත්‍යන්තර සරසවි 03ක්

(කොළඹ | ලංකාපුවත්) –  අධ්‍යාපනය සම්බන්ධ ජාත්‍යන්තර අත්දැකීම් ඇති විශේෂඥයන් මෙරටට පැමිණ නිරීක්ෂණයෙන් පසුව රාජ්‍ය විශ්වවිද්‍යාල හරහා බහුවිධ උපාධි ලබාදීමට අවධානය යොමු කර ඇති බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් මහතා පැවසීය.

"ලංකාවට ජාත්‍යන්තර සරසවි 03ක්"

කුඩු සලිඳුගේ ප්‍රධාන ගෝලයාගෝලයාව ශ්‍රී ලංකාවට රැගෙන එයි

(කොළඹ | ලංකාපුවත්) – දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින පාතාල නායක සලිඳු මල්ෂික නොහොත් කුඩු සලිඳුගේ ප්‍රධාන ගෝලයා ශ්‍රී ලංකාවට රැගෙනවිත් තිබේ.

"කුඩු සලිඳුගේ ප්‍රධාන ගෝලයාගෝලයාව ශ්‍රී ලංකාවට රැගෙන එයි"

රට ආර්ථික පරිවර්තනයක් කරා ගෙන යාමට නම් ලොවට ගැළපෙන නව අධ්‍යාපන ක්‍රමවේදයක් අවශ්‍යයි

(කොළඹ | ලංකාපුවත්) – රට ආර්ථික පරිවර්තනයකට යොමු කිරීමට නම් ලොවට ගැළපෙන නව අධ්‍යාපන ක්‍රමවේදයක් අවශ්‍ය බවත්, එමඟින් තරගකාරී ලෝක වෙළෙඳපොළට අවශ්‍ය වෘත්තිකයන් බිහිකළ හැකි බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.

"රට ආර්ථික පරිවර්තනයක් කරා ගෙන යාමට නම් ලොවට ගැළපෙන නව අධ්‍යාපන ක්‍රමවේදයක් අවශ්‍යයි"

සෞඛ්‍ය සේවයට අදාල ගැසට්ටුවක්

(කොළඹ | ලංකාපුවත්) – සෞඛ්‍ය සේවයට අදාල සේවා කටයුතු රැසක් අත්‍යවශ්‍ය සේවාවන් බවට පත්කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

"සෞඛ්‍ය සේවයට අදාල ගැසට්ටුවක්"

ශ්‍රී ලංකාවේ කඩොලාන වැවීමේ ව්‍යාපෘතියට සුවිශේෂී ජයග්‍රහණයක්

(කොළඹ | ලංකාපුවත්) – වසර කිහිපයක් පුරාවටම ශ්‍රී ලංකාවේ සිදුකෙරෙන කඩොලාන පරිසර පද්ධති යළි ගොඩනැගීමට සහ ප්‍රතිෂ්ඨාපනය කිරීමේ මෙහෙවර එක්සත් ජාතීන්ගේ “වර්ල්ඩ් රෙස්ටෝරේෂන් ෆ්ලෑග්ශිප්” (World Restoration Flagship) වැඩසටහන යටතේ ඇගයීම් සම්මානයට පාත්‍රවී තිබේ.

"ශ්‍රී ලංකාවේ කඩොලාන වැවීමේ ව්‍යාපෘතියට සුවිශේෂී ජයග්‍රහණයක්"