ගල් විහාරයේ සර්වඥ ධාතු ප්‍රදර්ශනය මහජන වන්දනාමානය සදහා ජනපති අතින් විවෘත කෙරේ

(කොළඹ, ලංකාපුවත්) –පුලතිසි පොසොන් උදානය වැඩසටහනට සමගාමීව පොළොන්නරුව ඓතිහාසික ගල් විහාරය කේන්ද්‍රකර ගනිමින් පැවැත්වෙන සර්වඥ ධාතු ප්‍රදර්ශනය දෙවන දිනයට ද ඊයේ (28) පස්වරුවේ විවෘත කෙරුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙනි.

"ගල් විහාරයේ සර්වඥ ධාතු ප්‍රදර්ශනය මහජන වන්දනාමානය සදහා ජනපති අතින් විවෘත කෙරේ"

පුලතිසි පොසොන් උදාව නැරඹීමට ජනපති එක්වෙයි

(කොළඹ, ලංකාපුවත්) –පුලතිසිපුර පොසොන් අසිරිය විඳිමින් ඊයේ(27) රාත්‍රීයේ එම ප්‍රදේශයේ නිරික්ෂණ චාරිකාවක නිරත වූ ජනාධිපතිතුමා පොළොන්නරුව කදුරුවෙල කෘෂි ආර්ථීක මධ්‍යස්ථාන පරිශ්‍රයේ සංවිධානය කර තිබූ පොසොන් කලාපය නරඹන ලදි.

"පුලතිසි පොසොන් උදාව නැරඹීමට ජනපති එක්වෙයි"

ඉදිරි මැතිවරණය පිළිබඳ විශේෂ කල්තැබීම් විවාදයක් ජුලි 05වනදා

(කොළඹ, ලංකාපුවත්) –ඉදිරියේ දී පැවැත්වීමට නියමිත පලාත් සභා මැතිවරණය පිළිබඳ පාර්ලිමේන්තුවේ විශේෂ කල්තැබීමේ විවාදයක් ජුලි මස 05වනදා පැවැත්වීමට තීරණය කර ඇති බව කථානායන කරු ජයසූරිය මහතා දැනුම් දෙයි.

"ඉදිරි මැතිවරණය පිළිබඳ විශේෂ කල්තැබීම් විවාදයක් ජුලි 05වනදා"

“එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා” මගින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකින් නගා සිටුවනවා – අගමැති

(කොළඹ, ලංකාපුවත්) – එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන මගින් මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් නගා සිටුවන බව, අග්‍රාමාත්‍ය රවිනි වික්‍රමසිංහ මහතා පවසයි.

"“එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා” මගින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකින් නගා සිටුවනවා – අගමැති"

ලේක්හවුස් මිහින්තලා ආලෝක පූජාව ජනපති අතින් විවෘත කෙරේ

(කොළඹ, ලංකාපුවත්) – පොසොන් පුර පසළොස්වක පොහෝය නිමිත්තෙන් පනස් හයවන වරටත් පවත්වනු ලබන ලේක්හවුස් මිහින්තලා ආලෝක පූජාවේ දෙවන දිනය වන ඊයෙ(27) දින ආලෝක පූජාව විවෘත කිරීම ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතින් සිදු විය.

"ලේක්හවුස් මිහින්තලා ආලෝක පූජාව ජනපති අතින් විවෘත කෙරේ"

දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ අභිනව පිරිවෙන් ශාලා ගොඩනැගිලි සංකීර්ණය සහ සංඝාවාසය සඟ සතු කොට පූජාකෙරේ

(කොළඹ, ලංකාපුවත්) – ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ අභිනවයෙන් ඉදිකළ පිරිවෙන් ශාලා ගොඩනැගිලි සංකීර්ණය සහ සංඝාවාසය සඟ සතු කොට පූජා කිරීමේ සහ අභිනව වාහල්කඩ විවෘත කිරීමේ පුණ්‍යෝත්සවය ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ(27) පෙරවරුවේ සිදුකෙරිණි.

"දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ අභිනව පිරිවෙන් ශාලා ගොඩනැගිලි සංකීර්ණය සහ සංඝාවාසය සඟ සතු කොට පූජාකෙරේ"

පොසොන් උදාව නිමිත්තෙන් ජනපති ප‍්‍රධානත්වයෙන් පොළොන්නරුවේ ආගමික වැඩසටහන් රැසක්

(කොළඹ, ලංකාපුවත්) – අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ ශ‍්‍රී ලංකාද්වීපයට වැඩම කළ පොසොන් පුර පසළොස්වක පොහොය සමරමින් සංවිධානය කෙරුණු ආගමික වැඩසටහන් රැසක් හෙට (27) දිනය පුරා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් පොළොන්නරුවේදී පැවැත්වෙයි.

"පොසොන් උදාව නිමිත්තෙන් ජනපති ප‍්‍රධානත්වයෙන් පොළොන්නරුවේ ආගමික වැඩසටහන් රැසක්"

මාතර සිද්ධියේ වෙඩි හුවමාරුව මැද පොලිසියට සහය වූ පුද්ගලයන්ට විශේෂ දැනුම්දීමක්

(කොළඹ, ලංකාපුවත්) – මාතර නගරයේ ස්වර්ණාභරණ වෙළදසැලක් කොල්ලකෑමට පැමිණි පාතාල සාමාජිකයින් අතර ඇති වූ වෙඩි හුවමාරුවේදී තම ජීවිත අවදානම නොතකා පොලිස් නිලධාරීන් රෝහල් ගත කිරීමට ඉදිරිපත් වූ සෙසු පුද්ගලයින් දෙදෙනාට මාතර පොලිස් අධිකාරී කාර්යාලයට පැමිණෙන ලෙසට පොලීසිය ඉල්ලීමක් කරයි.

"මාතර සිද්ධියේ වෙඩි හුවමාරුව මැද පොලිසියට සහය වූ පුද්ගලයන්ට විශේෂ දැනුම්දීමක්"

පරාක්‍රම සමුද්‍රයේ සුන්දරත්වය වනසන කැළි කසළ ගැටලූව ජනපතිගේ දැඩි අවධානයට

(කොළඹ, ලංකාපුවත්) – ඓතිහාසික පොළොන්නරුව පුරවරයේ දිදුළන ආභරණය පරාක්‍රම සමුද්‍රයයි. වෙහෙසකර ගමනාගමනයක් අතරතුර ජනතාව පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්ම අසළට පැමිණෙන්නේ රටාවට දියරැළි නංවන එම මනරම් දසුන නැරඹීමට මෙන්ම එම දියරැළි සමග හමා එන සිසිල් මදනලෙන් ගතේ මෙන්ම සිතේ විඩාව ද නිවා ගන්නටය.

"පරාක්‍රම සමුද්‍රයේ සුන්දරත්වය වනසන කැළි කසළ ගැටලූව ජනපතිගේ දැඩි අවධානයට"

මධූෂ්ගේ දකුණු පළාතේ ගෝලයා එස්.ටී.එෆ් වෙඩි පහරින් මරුට

(කොළඹ, ලංකාපුවත්) –ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම් ජාලයේ ප්‍රධාන ජාවාරම්කරුවකු වූ දැනට ඩුබාහි සැඟවී සිටින මාකදුරේ මදූෂ්ගේ දකුණු පළාතේ ප්‍රධාන ගෝලයා වූ මානෙල් රෝහන නොහොත් තිලක් නමැත්තා එස්.ටී.එෆ්. වෙඩි පහරකින් මරමුවට පත්ව තිබේ.

"මධූෂ්ගේ දකුණු පළාතේ ගෝලයා එස්.ටී.එෆ් වෙඩි පහරින් මරුට"