විකෘති වූ නෝට්ටු හුවමාරුවට දීතිබූ කාලය දීර්ඝ කෙරේ

(කොළඹ, ලංකාපුවත්) –ජනතාව සතුව පවතින විකෘති වූ මුදල් නෝට්ටු වාණිජ්‍ය බැංකු ශාඛාවන් සමග හුවමාරු කර ගැනීමට තවදුරටත් අවස්ථාව සළසමින් එම කාලය 2018 මාර්තු 31 වනදා දක්වා දීර්ඝ කිරීමට ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මැතිතුමා මහ බැංකුව වෙත උපදෙස් ලබා දී අැත.

"විකෘති වූ නෝට්ටු හුවමාරුවට දීතිබූ කාලය දීර්ඝ කෙරේ"

විශිෂ්ටත්වය කරා යන සුබ නව වසරක් වේවා – ජනපති

(කොළඹ, ලංකාපුවත්) –අතීතයට එක් වෙමින් ගතව යන හැම මොහොතක්ම අපව දැනුමෙන් හා අත්දැකීමෙන් පරිපූර්ණත්වයට ළඟා කරන අතර, උදා වන හැම මොහොතක්ම අපගේ අභියෝගාත්මක හැකියා විනිශ්චයන්ට බඳුන් කරන බවත්, එහිලා අප දක්වන උත්කෘෂ්ට කැප වීම සහ අධිෂ්ඨානශීලි ධෛර්යය විසින් අප විශිෂ්ටත්වය කරා රැගෙන යනු ලබන බවත් නව වසරට සුබ පතමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

"විශිෂ්ටත්වය කරා යන සුබ නව වසරක් වේවා – ජනපති"

ලැබූ නිදහස අර්ථවත් කරගැනීමේ කාර්යය සිහිගන්වමින් නව වසරක් ඇරඹේ – අගමැති

(කොළඹ, ලංකාපුවත්) –ලැබූ නිදහස අර්ථවත් කරගැනීමේ කාර්යය සිහිගන්වමින් නව වසරක (2018) ආරම්භය සිදුවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නව වසර වෙනුවෙන් සුබපැතුම් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.

"ලැබූ නිදහස අර්ථවත් කරගැනීමේ කාර්යය සිහිගන්වමින් නව වසරක් ඇරඹේ – අගමැති"

ජනපතිගේ ඉල්ලීම ඉටු කරමින් පකිස්ථානයෙන් ශී‍්‍ර ලංකාවට පොහොර මෙට්ටි‍්‍රක් ටොන් 41,000ක්

(කොළඹ, ලංකාපුවත්) –ශී‍්‍ර ලංකාවේ මතුව ඇති පොහොර ගැටලූවට විසඳුම් ලබාදීම සඳහා සහය වන ලෙස ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා පකිස්ථාන අග‍්‍රාමාත්‍ය ෂහීද් කඛාන් අබ්බාසි මහතාගෙන් දුරකථනය ඔස්සේ කරන ලද ඉල්ලීමට ප‍්‍රතිචාර දක්වමින් වහාම කි‍්‍රයාත්මක වන පරිදි පොහොර මෙට්‍්‍රටික් ටොන් 41,000ක් ශී‍්‍ර ලංකාවට එවීමට පකිස්ථාන රජය එකගතාවය පළ කර තිබේ.

"ජනපතිගේ ඉල්ලීම ඉටු කරමින් පකිස්ථානයෙන් ශී‍්‍ර ලංකාවට පොහොර මෙට්ටි‍්‍රක් ටොන් 41,000ක්"

පිරිසිදු දේශපාලන ව්‍යාපාරයක් තුළ මාතෘ භූමිය ලෝකයේ විශිෂ්ට රාජ්‍යයක් ලෙස ගොඩනඟන බව ජනපති පවසයි

(කොළඹ, ලංකාපුවත්) –පිරිසිදු දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීමේ ගමන මේ වන විට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ප‍්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් ආරම්භ කර තිබෙන අතර, ඒකාන්තයෙන්ම ජයග‍්‍රහණය කරන එම වැඩපිළිවෙළ තුළින් අනාගතයේ ශ‍්‍රී ලංකා මාතෘ භූමිය ලෝකයේ විශිෂ්ට රාජ්‍යයක් ලෙස ගොඩනගන බව ජනාධිපතිතුමා පවසයි.

"පිරිසිදු දේශපාලන ව්‍යාපාරයක් තුළ මාතෘ භූමිය ලෝකයේ විශිෂ්ට රාජ්‍යයක් ලෙස ගොඩනඟන බව ජනපති පවසයි"

මිහිසරු සම්මාන ප්‍රදානෝත්සවය 2017 ජනපති ප්‍රධානත්වයෙන්

(කොළඹ, ලංකාපුවත්) – “මිහිසරු සම්මාන ප්‍රදානෝත්සවය 2017” ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (28) පස්වරුවේ කොළඹ නෙළුම් පොකුණ රගහලේදී පැවැත්විණි.

"මිහිසරු සම්මාන ප්‍රදානෝත්සවය 2017 ජනපති ප්‍රධානත්වයෙන්"

අගමැති අඹේවෙල කිරි කම්හලේ නිරීක්ෂණ චාරිකාවක

(කොළඹ, ලංකාපුවත්) – අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අඹේවෙල කිරි කර්මාන්ත ශාලාවේ නිරීක්ෂණ චාරිකාවකට ඊයේ (28) එක්විය.

"අගමැති අඹේවෙල කිරි කම්හලේ නිරීක්ෂණ චාරිකාවක"

“නිදහසේ සම්මුතිය” ප‍්‍රකාශයට පත්කිරීම ජනපති ප‍්‍රධානත්වයෙන්

(කොළඹ, ලංකාපුවත්) – එක්සත් ජනතා නිදහස් සන්ධානය සමග මෙවර මැතිවරණය සඳහා සන්ධානගතව සිටින දේශපාලන පක්ෂ 31ක නායකයින්ගේ සහ නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන් “නිදහසේ සම්මුතිය” ප‍්‍රකාශයට පත් කිරීම ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද (28) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී සිදුවිය.

"“නිදහසේ සම්මුතිය” ප‍්‍රකාශයට පත්කිරීම ජනපති ප‍්‍රධානත්වයෙන්"

නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන රාජ්‍ය ඇමති ලෙස පියසේන ගමගේ මහතා දිවුරුම් දෙයි

(කොළඹ, ලංකාපුවත්) – නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පියසේන ගමගේ මහතා පත් කර තිබේ.

"නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන රාජ්‍ය ඇමති ලෙස පියසේන ගමගේ මහතා දිවුරුම් දෙයි"

ඉන්දීය ධිවරයින් 20 දෙනෙකුට නිදහස

(කොළඹ, ලංකාපුවත්) –උතුරු මුහුදු සීමාවට නීති විරෝධී ලෙස ඇතුළු වී මසුන් මරමින් සිටි ඉන්දීය ධීවරයින් 57 දෙනෙකු මේ වසර තුළදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත් අඩංගුවට ගෙන ඇති අතර ඔවුන්ගේන් 20 දෙනෙකු ඊයේ (27) ඉන්දියාවට බාර දී තිබේ.

"ඉන්දීය ධිවරයින් 20 දෙනෙකුට නිදහස"