(කොළඹ | ලංකාපුවත්) – මෙරට තෙදින නිල සංචාරයක නිරත එක්සත් රාජධානියේ රාජකීය ඈන් කුමරිය (Her Royal Highness Princess Anne, the Princess Royal) සහ ඇයගේ සැමියා වන වයිස් අද්මිරාල් ශ්‍රීමත් තිමොති ලෝරන්ස් මැතිතුමා (Vice Admiral Sir Timothy Laurence) ඊයේ (10) කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය.
"ඈන් කුමරිය – ජනපති හමු වෙයි"Category: HIGHLIGHTED
(කොළඹ | ලංකාපුවත්) – ඉදිරි දෙවසර තුළ මෙරට මැණික් කර්මාන්තයේ විශාල දියුණුවක් ඇති කිරීම තම අරමුණ බවත් ඒ සඳහා නව වැඩපිළිවෙළක් හඳුන්වා දීමට කටයුතු කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
"ඉදිරි දෙවසර තුළ මෙරට මැණික් කර්මාන්තය නංවාලීමට විශේෂ වැඩපිළිවෙළක්"(කොළඹ | ලංකාපුවත්) – ශ්‍රී ලංකාව සහ බ්‍රිතාන්‍ය අතර සබදතා වලට වසර 75 ක් සපිරීම නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ චාරිකාවකට පැමිණෙන බ්‍රිතාන්‍ය ඈන් කුමරිය මේ වනවිට ශ්‍රී ලංකාවට පැමිණීම සදහා ශ්‍රී ලන්කන් ගුවන් යානයකින් එරටින් පිටත් වී ඇති බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශයේ මාධ්‍ය කළමනාකරණ ප්‍රධානී දීපාල් පෙරේරා මහතා පැවසීය.
"ඈන් කුමරිය ශ්‍රී ලංකා චාරිකාව අරඹයි"(කොළඹ | ලංකාපුවත්) – කහතුඩුව අධිවේගී පිවිසුම අසලදී ගුවන් සේවා නිලධාරිනියකට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කළ සැකකරු කටුනායක ගුවන් තොටුපොළේ දී අද(10) අලුයම අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය සදහන් කරයි.
"දෙනෝදාහක් ඉදිරියේ ගුවන්සේවා නිලධාරිනියගේ ගෙල කැපූ ඝාතකයා අල්ලයි"(කොළඹ | ලංකාපුවත්) – නිදහස් ජාතියක් ගොඩනැඟීම උදෙසා ශ්‍රීමත් පොන්නම්බලම් අරුණාචලම් මහතා ගෙන ගිය “ලාංකීය” සංකල්පය “ලාංකීය අනන්‍යතාව” දක්වා දියුණු කිරීමට තමන් කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
"ශ්‍රීමත් පොන්නම්බලම් අරුණාචලම්ගේ සියවන ගුණ සමරුව ජනපති ප්‍රධානත්වයෙන්"(කොළඹ | ලංකාපුවත්) – චීන අග්‍රාමාත්‍ය ලී කියෑං (Li Qiang) විසින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වෙත චීනය වඩාත් ශුභ ලෙස සලකන ‘මකරාගේ වසර’ සඳහා අලුත් අවුරුදු සුබපැතුම් පිරිනැමීය.
"ඉහළ අස්වැන්නක් ලබා දෙන සහල් වගාවකට චීන විශේෂඥ දැනුම"(කොළඹ | ලංකාපුවත්) – රාජ්‍ය සේවකයන්ගේ වැටුපට අප්‍රේල් මාසයේ සිට ගෙවන බවට අය වැයෙන් පොරොන්දු වූ රුපියල් දස දහසක ජීවන වියදම් දීමනාවෙන් රුපියල් 5000ක් මේමස වැටුපේ සිටම ගෙවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (08) රැස් වූ කැබිනට් මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමි වූ බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
"රාජ්‍ය සේවකයන්ට අයවැයෙන් වැඩිකළ ජීවන වියදම් දීමනාවෙන් රුපියල් 5000ක් ජනවාරි වැටුපට"(කොළඹ | ලංකාපුවත්) – අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජුලි චන්ග් මහත්මිය අතර හමුවක් ඊයේ (08) අධිකරණ අමාත්‍යාංශයේදී පැවත්විණි.
"ලංකාවේ වත්මන් තත්ත්වයට ජූලි චන්ග් සතුටින්"(කොළඹ | ලංකාපුවත්) – අස්වැසුම සුභ සාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම හා යථාවත් කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ඊයේ (08) අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.
"සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකටම අස්වැසුම විශේෂ ඒකකයක්"(කොළඹ | ලංකාපුවත්) – පළාත් මට්ටමින් ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැඟීමට නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය මගින් සලසා ඇති බලතල ප්‍රමාණවත් බවත්, ඒ සඳහා මධ්‍යම රජයේ මැදිහත්වීම් සිදු නොකරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
"13 වන සංශෝධනය මඟින් ලබා දී ඇති බලතල තම පළාතේ සංවර්ධනය සඳහා සක්‍රීයව භාවිතා කරන්න"