යොවුන් පුරය අද සිට

(කොළඹ, ලංකාපුවත්) – . දෙස් විදෙස් තරුණ තරුණියන් 6000ක‍් සහභාගීත්වයෙන් යොවුන් පුරය -2017 අද (29) පස්වරු 5.30 ට ත්‍රිකුණාමලයේ මැක්හෙයිෂර් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වේ. ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශ, ජාතික තරුණ සේවා සභාව සහ ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය එක්ව මෙය සංවිධාන කරනු ලැබේ.අප්‍රේල් 02වනදා දක්වා පැවැත්වෙන මෙවර යොවුන් පුරයේ තේමාව වන්නේ ‘අනාගතය ඇරැඹුණා ’ යන්නයි.

"යොවුන් පුරය අද සිට"

‘ඉදිරි සියවස ජයගැනීමේ අභියෝගය දරුවන් හමුවේ තිබෙනවා ‘  – ජනපති

(කොළඹ, ලංකාපුවත්) – අතීත අත්දැකීම් පදනම් කර ගනිමින් ඉදිරි සියවස ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ජයග‍්‍රහණය කිරීමේ වගකීම පාසල් දරුවන් හමුවේ ඇති බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි. රත්නපුර ෆර්ගර්සන් උසස් විද්‍යාලයට වසර සියයක් සපරීම නිමිත්තෙන් එම විද්‍යාලයේ ඊයේ (27) පැවති සැමරුම් උත්සවයේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව කියා සිටියේය.

"‘ඉදිරි සියවස ජයගැනීමේ අභියෝගය දරුවන් හමුවේ තිබෙනවා ‘  – ජනපති"

සාපෙළ ප්‍රතිඵල ප්‍රථම ස්ථානය විශාකාවට

(කොළඹ, ලංකාපුවත්) – 2016 පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ විශිෂ්ට ප්‍රතිඵල ලබාගනිමින් දිවයිනේ ප්‍රථම ස්ථානයට පත්ව ඇත්තේ කොළඹ විශාඛා මහා විද්‍යාලයේ අනුකි චමත්කා පැස්කුවල් ශිෂ්‍යාවයි. දෙවන ස්ථානය මහනුවර මහමායා බාලිකා විද්‍යාලයේ එස්.එම් මුණසිංහ සිසුවිය දිනාගෙන හිමිකර ගෙන ඇත. මෙවර අ.පො.ස (සා/පෙ) විභාග ප්‍රතිඵල අතර තෙවන ස්ථාන දෙකක් ලැබී ඇති අතර ඒ අනුව කොළඹ ආනන්ද මහා විද්‍යාලයේ ආර්.එම් සුගත් රවිඳු සන්වර සිසුවා හා මාතර රාහුල විද්‍යාලයේ දිමුත් ඕෂධී මිරිස්සගේ සිසුවා තෙවන ස්ථාන ලබාගෙන තිබේ. ගම්පහ රත්නාවලි…

"සාපෙළ ප්‍රතිඵල ප්‍රථම ස්ථානය විශාකාවට"

සාපෙළ ප්‍රතිඵල අන්තර්ජාලයට

(කොළඹ, ලංකාපුවත්) – 2016 අධ්‍යයන පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වන විට අන්තර්ජාලයට නිකුත් කර තිබේ. ඒ අනුව  විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් මෙම ප්‍රතිඵල ලබාගත හැකි බව විභාග දෙපාර්තමේන්තුව සදහන් කරයි. කොළඹ සහ ශ්‍රී ජයවර්ධනපුර කලාප වලට අයත් පාසල්වල ප්‍රතිඵල ලේඛන අද දින පෙරවරු 10.00න් පසු විභාග දෙපාර්තමේන්තුවෙන් ලබාගත හැකිය. අනෙකුත් සියලුම පාසල්වල ප්‍රතිඵල අද දිනය තුළ තැපැල් කෙරෙන අතර පෞද්ගලික අයදුම්කරුවන් සඳහා ප්‍රතිඵල ඉදිරියේ දී තැපැල් කිරීමට නියමිතය. විභාග…

"සාපෙළ ප්‍රතිඵල අන්තර්ජාලයට"

ගමට කෝටියක් ව්‍යාපෘතියේ පළමු ස්ථානය දිනා ගත් නෙලුව

ජාතික තරුණ සේවා සභාව යෞවන සමාජ සඳහා යූත් විත් ටැලන්ට් රියලැටි වැඩසටහනට සමගාමිව සංවිධානය කළ ගමට කෝටියක් ව්‍යාපෘතියේ පළමු ස්ථානය දිනා ගත් නෙලුව, හප්පිටිය රීදී තරු පාලම නිරීක්ෂණය කිරීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පෙරේදා (18) සහභාගි විය. එම පාලම ඉදිකිරීමේ මූලිකත්වය ගත් හප්පිටිය යෞවන සමාජයේ සභාපතිනි දිල්කි මධුෂානි, ලේකම් සඳුනි ලහිරුකා සහ ‍භාණ්ඩාගාරිකා ජීවී නිලූෂිකා විසින් අගමැතිවරයා පිළිගනු ලැබූ අවස්ථාව. ජායාරූපය-ගාල්ල ජායාරූප වාර්තාකරු ජයලාල් ජයවර්ධන

"ගමට කෝටියක් ව්‍යාපෘතියේ පළමු ස්ථානය දිනා ගත් නෙලුව"

ටොරෙන්ටෝව යාපනයට අත දීමට සැරසේ

යාපනය දිස්ත්‍රික්කයේ ඉඩම් සංවර්ධනය, අධ්‍යාපනය නගා සිටුවීම, සෞඛ්‍ය පහසුකම් වැඩිදියුණු කිරීම ඇතුළු තවත් සංවර්ධන කටයුතු රැසක් වෙනුවෙන් ආධාර සැපයීමට කැනඩාවේ ටොරෙන්ටෝ නගර සභාව ඉදිරිපත්ව සිටියි. යාපනය දිස්ත්‍රික්කය සංවර්ධනයට අවශ්‍ය තාක්ෂණික උපදෙස් ඇතුළු මූල්‍ය පහසුකම් ලබාදීම සඳහා කැනඩාවේ ටොරෙන්ටෝ නගර සභාව සමග ගිවිසුමකට අත්සන් තැබීම අද යාපනය පුස්තකාල ශ්‍රවණාගාරයේ දී සිදු විය. උත්සව අවස්ථාවට ටොරෙන්ටෝ නගරාධිපති ජෝන් ටෝරී සහ උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේස්වරන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ. උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා කියා සිටියේ අත්සන්…

"ටොරෙන්ටෝව යාපනයට අත දීමට සැරසේ"