කොළඹ වරායේ නැ’හිර පර්යන්තයේ දෙවැනි අදියරේ ඉදි කිරීම් අද අරඹයි

(ලංකාපුවත් | කොළඹ) –කොළඹ වරායේ නැඟෙනහිර පර්යන්තයේ (ECT) අදියර 2 ඉදි කිරීම් අද (12) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අගමැති මහින්ද රාජපක්ෂ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ.

"කොළඹ වරායේ නැ’හිර පර්යන්තයේ දෙවැනි අදියරේ ඉදි කිරීම් අද අරඹයි"

ගැබිනි සහ කිරි දෙන මව්වරුන්ට ‘බූස්ටරය’ ගන්න ගැටලුවක් නැහැ

(ලංකාපුවත් | කොළඹ) –ගර්භිණී සහ කිරි දෙන මව්වරුන්ට වුවද කොවිඩ් මර්දන බූස්ටර් හෙවත් වර්ධක එන්නත කිසිදු ගැටලුවකින් තොරව ගත හැකි බව කොළඹ ජාතික රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය හර්ෂ සතිශ්චන්ද්‍ර මහතා පැවසුවේය. සමාජය තුළ ව්‍යාප්ත කර ඇති මිථ්‍යා මත නිසා ඇතැම් පිරිස් මේ එන්නත් මාත්‍රාව ගැනීමට බියක් දක්වන නමුත් එවැනි මිථ්‍යා මතයන්ට නොරැවටීමට ජනතාව වගබලා ගත යුතු බවත් ඒ මහතා කීය.

"ගැබිනි සහ කිරි දෙන මව්වරුන්ට ‘බූස්ටරය’ ගන්න ගැටලුවක් නැහැ"

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් නඟාසිටුවීමට ආසියානු සංවර්ධන බැංකුවේ සහාය

(ලංකාපුවත් | කොළඹ) –මෙරට ආර්ථික ප්‍රවර්ධනය වෙනුවෙන් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශයට ආසියානු සංවර්ධන බැංකුවේ සහාය ලබාදෙන බව එහි උප සභාපති ෂික්සිත් චෙන් මහතා පවසයි.

"කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් නඟාසිටුවීමට ආසියානු සංවර්ධන බැංකුවේ සහාය"

ජන ජීවිතයට බාධා නොවන අයුරින් විදුලි අර්බුදයට විසඳුම් සොයන්න

(ලංකාපුවත් | කොළඹ) –ජන ජීවිතයට බාධාවක් නොවන අයුරින් විදුලි අර්බුදයට විසඳුම් සෙවීමට කටයුතු කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි.

"ජන ජීවිතයට බාධා නොවන අයුරින් විදුලි අර්බුදයට විසඳුම් සොයන්න"

අමාත්‍යංශ 10ක විෂය පථයන් වෙනස් කරමින් නව ගැසට් නිවේදනයක්

(ලංකාපුවත් | කොළඹ) –අමාත්‍යංශ කිහිපයක විශය පථයන් වෙනස් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් ඊයේ(10)නිකුත් කර තිබේ.

"අමාත්‍යංශ 10ක විෂය පථයන් වෙනස් කරමින් නව ගැසට් නිවේදනයක්"

චීනය අපේ කල්‍යාණ මිත්‍රයෙක් – අපි අතරේ සිත් පළුඳුවීම් වෙලා නැහැ – අගමැති

(ලංකාපුවත් | කොළඹ) – “චීනය අපේ කල්‍යාණ මිත්‍රයෙක්. ඉතිහාසයේ කොතැනකවත් අපි අතරේ සිත් පළුඳු වීම් වෙලා නෑ” යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

"චීනය අපේ කල්‍යාණ මිත්‍රයෙක් – අපි අතරේ සිත් පළුඳුවීම් වෙලා නැහැ – අගමැති"

අගමැති මහින්ද කළ විශේෂ ඉල්ලීමට චීන විදේශ ඇමතිගෙන් යහපත් ප්‍රතිචාර

(ලංකාපුවත් | කොළඹ) –සිය අධ්‍යයන කටයුතු අවසන් කිරීම සඳහා නැවත චීනය බලා පැමිණීමට අපේක්ෂාවෙන් පසුවන ශ්‍රී ලාංකික වෛද්‍ය සිසුන්ට එහි පැමිණීමට අවශ්‍ය පහසුකම් සළසා දෙන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (09) අරලියගහ මන්දිරයේ දී චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මහතා හමුවූ අවස්ථාවේ විශේෂ ඉල්ලීමක් කළේය.

"අගමැති මහින්ද කළ විශේෂ ඉල්ලීමට චීන විදේශ ඇමතිගෙන් යහපත් ප්‍රතිචාර"

චීන විදේශ ඇමතිගෙන් ශ්‍රී ලංකා ජනපතිට ඇරයුමක්

(ලංකාපුවත් | කොළඹ) –චීනය සහ ශ්‍රී ලංකාව අතර 65 වසරක රාජ්‍යතාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් මහජන චීන සමූහාණ්ඩුවේ විදේශ අමාත්‍ය හා රාජ්‍ය උපදේශක මණ්ඩලයේ සාමාජික වැන්ග් යී (Wang Yi) මහතා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතර හමුවක් අද (09) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය.

"චීන විදේශ ඇමතිගෙන් ශ්‍රී ලංකා ජනපතිට ඇරයුමක්"

ජනතාව හමුවේ ඇති පීඩාවන් එකින් එක ඉවත් කරන්න සූදානම් – අගමැති

(ලංකාපුවත් | කොළඹ) – මේ දුෂ්කර කාලයේ ජනතාව හමුවේ තිබෙන විවිධ පීඩාවන් එකින් එක ඉවත් කිරීමට ආණ්ඩුවක් විදියට සූදානම් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

"ජනතාව හමුවේ ඇති පීඩාවන් එකින් එක ඉවත් කරන්න සූදානම් – අගමැති"

ජාතික පාසල් 1000ක් වැඩසටහන ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ

(ලංකාපුවත් | කොළඹ) –“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයේ තවත් එක් පියවරක් යථාර්ථයක් බවට පත්කරමින් පාසල් දහසක් ජාතික පාසල් බවට පත් කිරීමේ “නිදහස් දහසක්“ වැඩසටහන ඇරඹේ.

"ජාතික පාසල් 1000ක් වැඩසටහන ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ"