උතුරු මැද පළාත් සභාවේ තවත් ඇමතිවරයෙක් දිවුරුම් දෙයි

(කොළඹ, ලංකාපුවත්) – උතුරුමැද පළාත් සභාවේ වාරිමාර්ග, ඉඩම්, ග්‍රාම සංවර්ධන සහ කාන්තා කටයුතු අමාත්‍යවරයා ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධාන පළාත් සභා මන්ත්‍රී සරත් ඉලංගසිංහ මහතා දිවුරුම් දී ඇත.

"උතුරු මැද පළාත් සභාවේ තවත් ඇමතිවරයෙක් දිවුරුම් දෙයි"

විදුලි බිලෙහි කිසිදු වැඩි වීමක් නැහැ – අමාත්‍යංශයෙන් පැහැදිලි කිරීමක්

(කොළඹ, ලංකාපුවත්) – ලංකා විදුලිබල මණ්ඩලයේ සහ ලංකා විදුලි පුද්ගලික සමාගමේ ගෘහස්ත විදුලි පරිභෝජකයන් සඳහා ඔවුන්ගේ විදුලි පාරිභෝගික රටාව (වෙලාව) වෙනස් කළ හැකි කාලපාදක ගාස්තු ක්‍රමය (Time of the day terrify) තෝරා ගැනීමට අවස්ථාවක් ලබා දී ඇතැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය සදහන් කරයි.

"විදුලි බිලෙහි කිසිදු වැඩි වීමක් නැහැ – අමාත්‍යංශයෙන් පැහැදිලි කිරීමක්"

වෙරළාශ්‍රිතව විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්

(කොළඹ, ලංකාපුවත්) – ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක ජාතික ඩෙංගු මර්දන වැඩපිළිවෙළට සහාය දෙමින් වෙරළාශ්‍රිතව විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ.

"වෙරළාශ්‍රිතව විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්"

සයිබර් ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට මෙතෙක් බලපෑමක් සිදු වූ බවට වාර්තාවීමක් නැහැ

(කොළඹ, ලංකාපුවත්) – රටවල් රැසකට බලපෑම් එල්ල වූ සයිබර් ප්‍රහාරයට අදාළව ශ්‍රී ලංකාවේ කිසිදු සිද්ධියක් වාර්තා වී නැතැයි ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ (CERT)ප්‍රධාන තොරතුරු ආරක්‍ෂක ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත මහතා පැවසීය.

"සයිබර් ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට මෙතෙක් බලපෑමක් සිදු වූ බවට වාර්තාවීමක් නැහැ"

අධිවේගයේ වැරදි කළ අය මාස 05කදී රු.99,19930ක දඩමුදල් ගෙවයි

(කොළඹ, ලංකාපුවත්) – දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ සහ කටුනායක අධිවේගී මාර්ගයේ නීති කැඩූ රථවාහන වැරදි සදහා අධිකරණයට ඉදිරිපත් කර දඩමුදල් ලෙස මේවසරේ ජනවාරි 01වනදා සිට ඊයේ(15) දක්වා කාලය තුළ දී රුපියල් 99,19930ක මුදලක් අයකර ගෙන ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.

"අධිවේගයේ වැරදි කළ අය මාස 05කදී රු.99,19930ක දඩමුදල් ගෙවයි"

GSP + බදු සහනය මැයි 19වනදා සිට ක්‍රියාත්මකයි

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවට යළි ලබාදුන් ජී.එස්.පී ප්ලස් බදු සහනය මැයි මස 19 වන දින සිට බලපැවැත්වෙන බව යුරෝපා සංගමය සදහන් කරයි.

"GSP + බදු සහනය මැයි 19වනදා සිට ක්‍රියාත්මකයි"

උතුරු මැදට රංජිත් වෙනුවට සුසිල් පත් කරයි

(කොළඹ, ලංකාපුවත්) – උතුරු මැද පළාත් සභාවේ අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ එස් එම් රංජිත් මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ අමාත්‍ය ධූරය සඳහා සුසිල් ගුණරත්න මහතා පත් කිරීමට කටයුතු කර තිබේ.

"උතුරු මැදට රංජිත් වෙනුවට සුසිල් පත් කරයි"

නව ආර්ථිකයක් ගොඩ නැගීමට සියලු රටවල් එක්විය යුතුයි – අගමැති පවසයි

(කොළඹ, ලංකාපුවත්) – ආර්ථිකයේ නව වර්ධනයක් ඇති කිරීමට සියලු රටවල් එක්විය යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. එක් තීරයක් එක් මාවතක් මහ සමුළුවේ වටමේස සාකච්ඡාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

"නව ආර්ථිකයක් ගොඩ නැගීමට සියලු රටවල් එක්විය යුතුයි – අගමැති පවසයි"

ජනපති ඩෙංගු මර්දන කාර්ය සාධන බළකාය කැඳවයි

(කොළඹ, ලංකාපුවත්) – හදිසියේ ම ඩෙංගු රෝගය සීඝ්‍ර ලෙස ව්‍යාප්තවීම සම්බන්ධයෙන් සහ එම තත්ත්වය පාලනය කිරීමට ගතයුතු කඩිනම් කි‍්‍රයාමාර්ග පිළිබඳ ව සාකච්ඡා කිරීමට ඩෙංගු මර්දන ජනාධිපති කාර්ය සාධන බළකාය වහාම කැඳවීමට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා තීරණය කර තිබේ.

"ජනපති ඩෙංගු මර්දන කාර්ය සාධන බළකාය කැඳවයි"

පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපන ආයතන පිළිබඳ රජයේ ප්‍රතිපත්තිමය තීරණයක් – නි. ඇමති අජිත් පී පෙරේරා

(කොළඹ, ලංකාපුවත්) – වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතීන් තහවුරු කිරීමට රජයෙන් ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇතැයි ද එම තීරණයන් මේ වන විට ප්‍රකාශයට පත් කොට ඇතැයි ද විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පැවසීය.

"පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපන ආයතන පිළිබඳ රජයේ ප්‍රතිපත්තිමය තීරණයක් – නි. ඇමති අජිත් පී පෙරේරා"