විග්නේශ්වරන්ගෙන් සම්බන්ධන්ට ලිපියක්

(කොළඹ, ලංකාපුවත්) – දෙමළ ජාතික සන්ධාන නායක ආර්.සම්බන්ධන් උතුරු පළාත් සෞඛ්‍ය අමාත්‍ය පි.සත්‍යලිංගම් හා පළාත් ධීවර අමාත්‍ය පි.ඩෙනිශ්වරන් සම්බන්ධයෙන් වගකීම භාර ගන්නේ නම් තම තීරණය සම්බන්ධයෙන් නැවත සළකා බැලීමට හැකි බැව් දන්වමින් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සි.වි.විග්නේශ්වරන් මහතා, සම්බන්ධන් වෙත ලිපියක් යොමුකොට ඇත.

"විග්නේශ්වරන්ගෙන් සම්බන්ධන්ට ලිපියක්"

ගීතාගේ පෙත්සම විභාගයට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්

(කොළඹ, ලංකාපුවත්) – ගීතා කුමාරසිංහ මහත්මිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙස කටයුතු කිරීමට සුදුසුකම් ලබන්නේ නැති බවට අභියාචනාධිකරණය ලබා දුන් තීන්දුව අභියෝගයට ලක් කරමින් ඇය ගොනු කළ පෙත්සම විභාග කිරීමට පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් පත් කර තිබේ.

"ගීතාගේ පෙත්සම විභාගයට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්"

ශ්‍රී ලංකාවට ගෝලීය සාම දර්ශකයේ ඉදිරියට

(කොළඹ, ලංකාපුවත්) – 2017 ගෝලීය සාම දර්ශකය අනුව ලෝකයේ රටවල් 163ක් අතුරින් ශ්‍රී ලංකාව 80වැනි ස්ථානය සහ දකුණු ආසියානු කලාපය තුළ දෙවැනි ස්ථානය ලබා ගෙන ඇත.

"ශ්‍රී ලංකාවට ගෝලීය සාම දර්ශකයේ ඉදිරියට"

රුධිර පරීක්ෂණ ගාස්තු අද සිට පහලට

(කොළඹ, ලංකාපුවත්) – පෞද්ගලික රෝහල්වල සහ රසායනාගාරවල සිදු කෙරෙන රුධිර පරීක්ෂණ මෙන්ම ඩෙංගු රුධිර පරීක්ෂණ සඳහා අය කරන ගාස්තු අද (19) සිට අඩු කිරීමට තීරණය කර තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කළේය.

"රුධිර පරීක්ෂණ ගාස්තු අද සිට පහලට"

පාසල්වල තොරතුරු තාක්‍ෂණ භාවිතයේදී ගැටළු වලට විසදුම් දීමට ජාතික වැඩපිලිවෙලක්

(කොළඹ, ලංකාපුවත්) – පාසල් පද්ධතිය තුල තොරතුරු සන්නිවේදන තාක්‍ෂණය භාවිතා  කිරීමේදී මුහුණ පෑමට  සිදුවන විවිධාකාරයේ ගැටළු වලට විසදුම් ලබාදීම සදහා ජාතික මට්ටමේ වැඩපිලිවෙලක් සකස් කෙරේ.

"පාසල්වල තොරතුරු තාක්‍ෂණ භාවිතයේදී ගැටළු වලට විසදුම් දීමට ජාතික වැඩපිලිවෙලක්"

ඉන්දියාවේ සිට මෙරටට රැගෙන එමින් තිබූ තාරකා ඉබ්බන් 2089 ක් අල්ලයි

(කොළඹ, ලංකාපුවත්) – කල්පිටිය, ඉප්පන්තිව් සහ සින්න අරිච්චාල් අතර මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස ඩිංගි යාත්‍රාවක් මගින් ඉන්දියාවේ සිට මෙරටට රැගෙන එමින් තිබූ ජීවී තාරකා ඉබ්බන් 2089 ක් සමග සැකකරුවන් දෙදෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

"ඉන්දියාවේ සිට මෙරටට රැගෙන එමින් තිබූ තාරකා ඉබ්බන් 2089 ක් අල්ලයි"

හෙට මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය වැඩවර්ජනයක්

(කොළඹ, ලංකාපුවත්) – ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දුම්රිය රියදුරන් සහ දුම්රිය නියාමකවරුන් හෙට(20) මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයක නිරතවීමට තීරණය කර තිබේ.

"හෙට මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය වැඩවර්ජනයක්"

ඩෙංගු මදුරු මර්දනයට ඕස්ට්‍රේලියාවෙන් බැක්ටීරියාවක්

(කොළඹ, ලංකාපුවත්) – ඩෙංගු මදුරුවන් විනාශ කිරීම සදහා ඕස්ට්‍රේලියාව සොයාගෙන ඇති නව බැක්ටීරියාව ශ්‍රී ලංකාවේ ද යොදා ගැනීමට ඇති හැකියාව පිළිබද පරීක්ෂණ පවත්වන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

"ඩෙංගු මදුරු මර්දනයට ඕස්ට්‍රේලියාවෙන් බැක්ටීරියාවක්"

ආගම් හා ජාතීන් අතර සංහිදියාව බිඳදමන ප්‍රකාශවලට එරෙහිව විමර්ශන සිදු කරනවා – පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක

(කොළඹ, ලංකාපුවත්) – ආගමික සංහිදියව, ජාතීන් අතර පවතින සංහිදියාව බිඳ දමන ප්‍රකාශවලට එරෙහිව විමර්ශන සිදු කිරීමට බලාපොරොත්තුවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා සදහන් කරයි.

"ආගම් හා ජාතීන් අතර සංහිදියාව බිඳදමන ප්‍රකාශවලට එරෙහිව විමර්ශන සිදු කරනවා – පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක"

මහා පරිමාණ සුපිරි වෙළෙඳ සංකීර්ණ හිමි ආයතන පහකින් ඇමති ෆයිසර් ඉල්ලීමක් කරයි

(කොළඹ, ලංකාපුවත්) – මෙරට තුළ ක්‍රියාත්මක මහා පරිමාණ සුපිරි වෙළෙඳ සංකීර්ණ හිමි ආයතන පහක ප්‍රධානීන්ගෙන් පළාත් සභා හා පළාත් පලාන අමාත්‍ය ෆයිසර් මුස්තෆා මහතා අද(16) විශේෂ ඉල්ලීමක් සිදු කරන ලදි.

"මහා පරිමාණ සුපිරි වෙළෙඳ සංකීර්ණ හිමි ආයතන පහකින් ඇමති ෆයිසර් ඉල්ලීමක් කරයි"