ඉන්දීය අගමැති දිවයිනට පැමිණීම තහවුරුයි

(කොළඹ, ලංකාපුවත්) –මැයි මස 12,13 සහ 14 යන දින වල ශ්‍රී ලංකාවේදී ප්‍රථම වරට පැවැත්වෙන 2017 එක්සත් ජාතීන්ගේ වෙසක් දින උළෙල හා ලෝක බෞද්ධ සමළුවට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ඇතුළු විදේශ රාජ්‍ය නායකයින් 17 දෙනෙකු හා රටවල් 80ක බෞද්ධ නියෝජිත කණ්ඩායම් සහභාගි වන බව අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පවසයි.

"ඉන්දීය අගමැති දිවයිනට පැමිණීම තහවුරුයි"

ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට රෝගීන් ප්‍රවාහනය කිරීමේ කාර් රථ සේවාවක්

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට රෝගීන් ප්‍රවාහනය කිරීමේ කාර් රථ සේවාව සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ආරම්භ විය.

"ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට රෝගීන් ප්‍රවාහනය කිරීමේ කාර් රථ සේවාවක්"

අගමැති යළි දිවයිනට

(කොළඹ, ලංකාපුවත්) – වියට්නාමයේ නිල සංචාරයක නිරත වූ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අද (19) අලූයම දිවයිනට පැමිණි බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය පැවසීය. සිංප්පූරුවේ සිට පැමිණි ඊ කේ 349 දරණ යානයෙන් අලූයම 1.55ට පමණ අග‍්‍රාමාත්‍යවරයා ඇතුළු පිරිස දිවයිනට පැමිණ ඇත.

"අගමැති යළි දිවයිනට"

පොළොන්නරුවේ ව්‍යාපෘතිවල ප්‍රගතිය ජනපති සාකච්ඡා කරයි

(කොළඹ, ලංකාපුවත්) –පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සංවර්ධනය මුවාවෙන් වගාකිරීම් නවතා තිබූ ගොවිබිම් නැවත වගා කිරීමට අවශ්‍ය කටයුතු සකසන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. පොළොන්නරු දිස්ත‍්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමක් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් පුලතිසිපුර ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ ශ‍්‍රවණාගාරයේ දී ඊයේ (18) පැවැති අතර එහිදී ජනාධිපතිතුමා මෙම උපදෙස් ලබා දුන්නේය.

"පොළොන්නරුවේ ව්‍යාපෘතිවල ප්‍රගතිය ජනපති සාකච්ඡා කරයි"

සෑම සමෘද්ධි බැංකුවකටම වැඩිහිටි දිවා සුරැකුම් මධ්‍යස්ථානයක්

(කොළඹ, ලංකාපුවත්) –දිවයින පුරා පිහිටි සමෘද්ධි බැංකු 1074 විසින් විමර්ෂණය කෙරෙන වැඩිහිටි දිවාසුරැකුම් මධ්‍යස්ථාන 1074 ක් 2017 වර්ෂය අවසන් වන විට ආරම්භ කිරීමට සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව සූදානම් වෙයි.

"සෑම සමෘද්ධි බැංකුවකටම වැඩිහිටි දිවා සුරැකුම් මධ්‍යස්ථානයක්"

මීතොටමුල්ලේ වසංගත රෝග අවදානමක් පැතිරයයි

(කොළඹ, ලංකාපුවත්) – මීතොටමුල්ල කුණු කන්ද නායයාමත් සමඟ ප්‍රදේශයේ දරුවන්ට මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාරපාන ලබාදීමෙන් පාචනය හා බඩේ අමාරුව වැනි රෝග ඇති වීමේ වැඩි ඉඩකඩක් පවතින බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවසීය.

"මීතොටමුල්ලේ වසංගත රෝග අවදානමක් පැතිරයයි"

මීතොටමුල්ලේ සිද්ධිය ගැන වියට්නාමයේ සංවේගය පළ කරයි

(කොළඹ, ලංකාපුවත්) –මීතොටමුල්ලේ සිදු වූ ඛේදවාචකය සම්බන්ධයෙන්, ශ්‍රී ලාංකේය ජනතාව සහ රජය වෙත සිය සාතීශය සංවේගය පළ කරන බව වියට්නාම් සමාජවාදී ජනරජයේ ජනාධිපති ට්‍රැන් ඩයි ක්වන් (Tran Dai Quang) මහතා සහ වියට්නාම් කොමියුනිස්ට් පක්‍ෂයේ මහලේකම් ගුයෙන් ෆු ට්‍රොං (Nguyen Phu Trong) මහතා පැවසූහ.

"මීතොටමුල්ලේ සිද්ධිය ගැන වියට්නාමයේ සංවේගය පළ කරයි"

අධිවේගයේ ආදයම් ඉහළට

(කොළඹ, ලංකාපුවත්) – දක්ෂිණ අධිවේගී මාර්ගයේ දිනකදි ඉපැයූ වූ වැඩිම ආදායම ඉකුත් ඉරිදා දිනයේ වාර්තා වී තිබේ. එම ආදායම රුපියල් මිලියන විසි එකයි දශම පහකි.

"අධිවේගයේ ආදයම් ඉහළට"

මීතොටමුල්ල ඛේදවාචකය – මරණ 30 දක්වා ඉහළට

(කොළඹ, ලංකාපුවත්) – කොළොන්නාව මීතොටමුල්ල කුණු කන්ද නායයෑමේ සිද්ධියෙන් මේ වනවිට මියගිය අයගේ මළ සිරුරු 30ක් සොයාගෙන ඇතැයි පොලිසිය පවසයි. තවත් පුද්ගලයින් 30 දෙනෙකු අතුරුදන් වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

"මීතොටමුල්ල ඛේදවාචකය – මරණ 30 දක්වා ඉහළට"

මීතොටමුල්ලේ ආපදාවට පත්වූවන්ට වන්දි

(කොළඹ, ලංකාපුවත්) – මීතොටමුල්ල කුණු කන්ද නාය යෑමෙන් ආපදාවට පත්වූවන්ට වන්දි ගෙවීමට රජය තීරණය කර ඇත. ඒ අනුව එම ආපදාවෙන් ඇති වූ ජීවිත හානියකට රුපියල් ලක්ෂය බැඟින් ද දේපල හානියකට උපරිමය රුපියල් ලක්ෂ 25 දක්වාද වන්දි ගෙවීමට වහා කටයුතු කෙරේ.

"මීතොටමුල්ලේ ආපදාවට පත්වූවන්ට වන්දි"