ඩෙංගු රෝගය පාලනයට විශේෂ මදුරු මර්දන වැඩසටහනක්

(කොළඹ, ලංකාපුවත්) – ඩෙංගු රෝගය පාලනය කිරීම සඳහා මැයි මස 18 සහ 19 දෙදින කණ්ඩායම් 1800 ක් යොදවමින් දිස්ත්‍රික්ක 12 ක් ඩෙංගු වැඩි අවධානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවල විශේෂ මදුරු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

"ඩෙංගු රෝගය පාලනයට විශේෂ මදුරු මර්දන වැඩසටහනක්"

හදිසි ගිලන්රථ සේවය දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට ඉන්දීය සහාය

(කොළඹ, ලංකාපුවත්) – ඉන්දීය පරිත්‍යාග යටතේ ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මකව කෙරෙන 1990 හදිසි ගිලන් රථ සේවය ඉදිරියේදී දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට සහය ලබා දෙන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර‍ මෝදි මහතා පැවසීය.

"හදිසි ගිලන්රථ සේවය දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට ඉන්දීය සහාය"

දන්සැල්වල ප්‍රමිතිය දුරතියා හඳුනා ගැනීමට ලබන වසරේ සිට ක්‍රමවේදයක්

(කොළඹ, ලංකාපුවත්) – දන්සැල් පැවැත්වීමේ දී අදාළ දන්සැල සෞඛ්‍ය අමාත්‍යංශයේ අනුමත සුරක්‍ෂිත ආහාරපාන ලබා දෙන එකක් ලෙස මහජනතාවට දුර තියා දැන ගැනීමේ ක්‍රමවේදයක් කෙරෙහි අවධානය යොමුව ඇති බව මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසීය.

"දන්සැල්වල ප්‍රමිතිය දුරතියා හඳුනා ගැනීමට ලබන වසරේ සිට ක්‍රමවේදයක්"

අගමැති සමුළුවකට චීනයේ යයි

(කොළඹ, ලංකාපුවත්) – චීනයේ බෙයිජිං නුවර පැවැත්වෙන “එකම තීරයක් – එකම මාවතක්” සමුළුව සඳහා සහභාගී වීමට ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා සහ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය හෙට(13) දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතය.

"අගමැති සමුළුවකට චීනයේ යයි"

තැලසීමියා රෝගීන් වෙනුවෙන් ඇටමිදූලු බද්ධ කිරීමේ රෝහලේ ඉදිකිරීම් 2018 වසරේ දී අවසන්

(කොළඹ, ලංකාපුවත්) – මහනුවර මහ රෝහල් පරිශ්‍රයේ ඉදිවන තැලසීමියා රෝගීන් වෙනුවෙන් ඇටමිදූලු බද්ධ කිරීමේ රෝහලේ ඉදිකිරීම් කටයුතු 2018 වසරේ මැයි මාසයේ දී ඉදිකර අවසන් කිරීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කරයි.

"තැලසීමියා රෝගීන් වෙනුවෙන් ඇටමිදූලු බද්ධ කිරීමේ රෝහලේ ඉදිකිරීම් 2018 වසරේ දී අවසන්"

පොළොන්නරුව බැදිවැව දී මාරක අනතුරක් – 04ක් මරුට

(කොළඹ, ලංකාපුවත්) –පොළොන්නරුව බැඳිවැව ප්‍රදේශයේ මඩකලපුව හබරණ මාර්ගයේ දී අද(12) අලුයම 01.00ට පමණ සිදු වූ අනතුරකින් පුද්ලගලයින් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි.

"පොළොන්නරුව බැදිවැව දී මාරක අනතුරක් – 04ක් මරුට"

එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර වෙසක් උළෙල ඇරඹේ

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලාංකීය සම්බුද්ධ ශාසනයට නව පිටුවක් එක් කරමින් එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර වෙසක් උළෙල ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී අද උදෑසන (12) ආරම්භ විය.

"එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර වෙසක් උළෙල ඇරඹේ"

වෙසක් උත්සවය නිමිත්තෙන් කොළඹ විශේෂ රථවාහන සැළැස්මක්

(කොළඹ, ලංකාපුවත්) – 2017 ජාත්‍යන්තර වෙසක් උත්සවය නිමිත්තෙන් කොළඹ නගරයේ පැවැත්වෙන වෙසක් කලාප හා විවිධ වැඩසටහන් හේතුවෙන් හෙට(10) සිට ලබන සෙනසුරාදා (13) දක්වා කොළඹ නගරයේ විශේෂ රථවාහන සැළැස්මක් ක්‍රියාත්මක කෙරෙන බව පොලිස් මූලස්ථානය සදහන් කරයි.

"වෙසක් උත්සවය නිමිත්තෙන් කොළඹ විශේෂ රථවාහන සැළැස්මක්"

ගීතා කුමාරසිංහගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක්

(කොළඹ, ලංකාපුවත්) – තමන්ට මන්ත්‍රී ධුරයයක් දැරිය නොහැකි බවට අභියාචනාධිකරණය ලබා දුන් තීන්දුවට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මිය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර තිබේ.

"ගීතා කුමාරසිංහගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක්"

ද. කොරියාවේ රැකියා සඳහා යන අයට කාර්යංශයෙන් සහනයක්

(කොළඹ, ලංකාපුවත්) – දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත්ව යාමේදී එක් අයෙකුගෙන් අය කිරීමට නියමිත වූ ආරක්‍ෂිත තැන්පතු මුදල වන රුපියල් පන් ලක්ෂයක මුදල අද (09) සිට වහාම අත්හිටුවීමට ශ්‍රී ලංකා විදේශ රැකියා නියුක්ති කාර්යංශය තීරණය කර ඇත.

"ද. කොරියාවේ රැකියා සඳහා යන අයට කාර්යංශයෙන් සහනයක්"