කොළඹ නගරයේ විශේෂ රථවාහන පොලිස් මෙහෙයුමක්

(කොළඹ, ලංකාපුවත්) – කොළඹ නගරයේ මංතීරු නීතිය කඩ කරන සහ මාර්ග නීති කඩකරන රියදුරන්ට නඩු පැවරීමේ විශේෂ රථවාහන මෙහෙයුමක් හෙට(04) දිනයේ දී සිදු කරන බව පොලිස් මූලස්ථානය සදහන් කරයි.

"කොළඹ නගරයේ විශේෂ රථවාහන පොලිස් මෙහෙයුමක්"

විශේෂ හමුදාවක් ඇති කරන්නට වුවමනාවක් නැතැයි අගමැති කියයි

(කොළඹ, ලංකාපුවත්) – විශේෂ හමුදාවක් ඇති කිරීමට වුවමනාවක් නොමැති බවත් කැබිනට් මණ්ඩලයේ අවධානය යොමු වී තිබෙන්නේ, අත්‍යවශ්‍ය සේවා කෙලෙස ක්‍රියාත්මක කරන්නේ දැයි යන කාරණය පිළිබඳව බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

"විශේෂ හමුදාවක් ඇති කරන්නට වුවමනාවක් නැතැයි අගමැති කියයි"

නියඟයෙන් විපතට පත්වූවන්ට අඛණ්ඩව සහන

(කොළඹ, ලංකාපුවත්) – නියඟයෙන් විපතට පත්වූවන්ට අඛණ්ඩව සහන සළසන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කරයි.

"නියඟයෙන් විපතට පත්වූවන්ට අඛණ්ඩව සහන"

විදේශ විනිමය පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලයි – ශ්‍රේෂ්ඨාධිකරණය

(කොළඹ, ලංකාපුවත්) – විදේශ විනිමය පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දැනුම්දී ඇති බව කථානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවට අද(03) දැනුම් දෙනු ලැබීය.

"විදේශ විනිමය පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලයි – ශ්‍රේෂ්ඨාධිකරණය"

වීසා නිකුත් කිරීමේ හා ද්විත්ව පුරවැසිභාවය ලබා දීමේ නව ක්‍රමවේදයක්

(කොළඹ, ලංකාපුවත්) – වීසා ක්‍රමවේදය කාලීනව සංශෝධනය කිරීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

"වීසා නිකුත් කිරීමේ හා ද්විත්ව පුරවැසිභාවය ලබා දීමේ නව ක්‍රමවේදයක්"

කළුතර බන්ධනාගාර බස්රථ වෙඩි තැබීමේ සිදුවීමේ කමිටු වාර්තාව හෙට එයි

(කොළඹ, ලංකාපුවත්) –කළුතර දී බන්ධනාගාර බස් රථයකට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට පත් කළ කමිටුව, සිය වාර්තාව හෙට (04) පුනරුත්තාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා වෙත බාරදීමට නියමිතය.

"කළුතර බන්ධනාගාර බස්රථ වෙඩි තැබීමේ සිදුවීමේ කමිටු වාර්තාව හෙට එයි"

මැයි දින රැළිවලට බස් දීමෙන් ලංගම ආදායම ඉහළට

(කොළඹ, ලංකාපුවත්) – මැයි දින රැළි සඳහා බස්රථ ලබාදීම තුළින් පසුගිය සදුදා(01) දෛනික ආදායම සියයට 15කින් වැඩි කරගැනීමට හැකි වූ බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සඳහන් කරයි.

"මැයි දින රැළිවලට බස් දීමෙන් ලංගම ආදායම ඉහළට"

පරිසරය පූජනීයයි පාරිසරික සත්කාර වැඩසටහන අරඹයි

(කොළඹ, ලංකාපුවත්) – ජාත්‍යන්තර වෙසක් උළෙලේ සමාප්ති උත්සවය මහනුවර ඓතිහාසික දළදා මාළිගා පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිත අතර ඒ හා සමගාමීව සංවිධානය කෙරුණු “පරිසරය පූජනීයයි” පාරිසරික සත්කාර වැඩසටහන අද (02) උදෑසන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඓතිහාසික දළදා මාළිගාව අභියසදී ආරම්භ කෙරුණි.

"පරිසරය පූජනීයයි පාරිසරික සත්කාර වැඩසටහන අරඹයි"

දෙවිනුවර ප්‍ර‍දීපාගාරය මහජන ප්‍ර‍දර්ශනයට

(කොළඹ, ලංකාපුවත්) –ඓතිහාසික වැදගත්කමකින් යුත් දෙවිනුවර ප්‍ර‍දීපාගාරය මහජන ප්‍ර‍දර්ශනය සඳහා විවෘත කිරීම ලබන බ්‍ර‍හස්පතින්දා (04) සිදු කෙරේ.

"දෙවිනුවර ප්‍ර‍දීපාගාරය මහජන ප්‍ර‍දර්ශනයට"

අළුගොල්ල කන්ද රක්‍ෂිතයේ හටගත් ගින්න පාලනය කරයි

(කොළඹ, ලංකාපුවත්) – බදුල්ල නගරයට ඉහළින් පිහිටි අළුගොල්ල කන්ද රක්‍ෂිතයේ හටගත් ගින්න පාලනය කර ඇත. බදුල්ල පොලීසිය, යුද හමුදාව, බදුල්ල මහනගර සභාවේ ගිනි නිවන ඒකකය සහ ආපදා කළමණාකරණ ඒකකය එක්ව මෙම ගින්න මැඩ පවත්වා තිබේ.

"අළුගොල්ල කන්ද රක්‍ෂිතයේ හටගත් ගින්න පාලනය කරයි"