ජාතීන් අතර අන්තවාදය පතුරවන පිරිස් පිළිබඳ රජයෙන් විමර්ශනයක්

(කොළඹ, ලංකාපුවත්) – ජාතීන් අතර අන්තවාදය පතුරවන පිරිස් පිළිබඳ විමර්ශනය කර ඔවුන් පාලනය කිරීමට රජය කටයුතු කරන බව ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා සදහන් කළේය.

"ජාතීන් අතර අන්තවාදය පතුරවන පිරිස් පිළිබඳ රජයෙන් විමර්ශනයක්"

ශ්‍රී ලංකාවේ ඇති ඉන්දීය ධීවර යාත්‍රා නිදහස් කර දෙන්නැයි අගමැති මෝදිට ඉල්ලීමක්

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා අත්අඩංගුවේ සිටින ඉන්දීය ධීවරයින් හා යාත්‍රා නිදහස් කර ගැනීම සඳහා කඩිනමින් රාජ්‍ය තාන්ත්‍රික පියවර ගැනීමට මැදිහත්වන ලෙස තමිල්නාඩු ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍ය ඊ. පලනිස්වාමි, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ගෙන් ඉල්ලීමක් කර තිබේ.

"ශ්‍රී ලංකාවේ ඇති ඉන්දීය ධීවර යාත්‍රා නිදහස් කර දෙන්නැයි අගමැති මෝදිට ඉල්ලීමක්"

ගත වූ මාස 05 තුළ ජංගමදුරකථන නිසා 20ක් දුම්රියට බිලි

(කොළඹ, ලංකාපුවත්) – ජංගම දුරකථන භාවිතා කර සෙල්ෆි ඡායාරූප ගැනීමට උත්සාහ දරන අවස්ථාවල දී දුම්රියේ ගැටීමෙන් පසුගිය මාස 05ක කාලය තුල පුද්ගල මරණ 20ක් වාර්තා වී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

"ගත වූ මාස 05 තුළ ජංගමදුරකථන නිසා 20ක් දුම්රියට බිලි"

මංතීරු නීතිය යටතේ රියදුරන් 1,190කට නඩු

(කොළඹ, ලංකාපුවත්) – කොළඹ නගරය තුළ සහ කොළඹ නගරයට පිවිසෙන ප්‍රධාන මාර්ගයන්හි ක්‍රියාත්මක කළ මංතීරු නීතිය යටතේ වැරදි ලෙස ධාවනය කළ රියදුරන් 1,190 දෙනෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට ඊයේ(12) දිනයේ දී රථවාහන පොලිස් නිලධාරීන්ට හැකි වී ඇත.

"මංතීරු නීතිය යටතේ රියදුරන් 1,190කට නඩු"

“ජනපතිට කියන්න” වැඩසටහන නව තාක්ෂණයත් සමග ඉදිරියට

(කොළඹ, ලංකාපුවත්) –රජයේ සේවා සැපයීමේ කි‍්‍රයාවලිය ශක්තිමත් කරමින් මහජන ගැටලු, දුක්ගැනවිලි සහ අදහස් හා යෝජනා ගරු ජනාධිපතිතුමා වෙත කාර්යක්ෂමව හා සරලව ඉදිරිපත් කිරීමට සහ ඊට කඩිනම් ඵලදායී විසඳුම් ලබා දීමට පහසුකම් සලසමින් ආරම්භ කළ “ජනපතිට කියන්න” වැඩසටහනේ පරිගණක වැඩසටහන සකස් කිරීම ශී‍්‍ර ලංකා මොබිටෙල් ආයතනය මගින් සිදුකර තිබෙන අතර එය නිල වශයෙන් ජනාධිපති කාර්යාලය වෙත භාරදීම ඊයේ (12) පෙරවරුවේ සිදු විය.

"“ජනපතිට කියන්න” වැඩසටහන නව තාක්ෂණයත් සමග ඉදිරියට"

ආපදාවෙන් පීඩාවට පත් පාසල් දරුවන්ට නිල ඇඳුම්, පෙළ පොත් බෙදාහැරීමට සියලු කටයුතු සූදානම්

(කොළඹ, ලංකාපුවත්) – ආපදා තත්වය හේතුවෙන් පීඩාවට පත්වූ පාසල් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු නැවත යථාතත්වයට පත්කරගැනීම වෙනුවෙන් විශේෂ සහන පැකේජයක් ලබාදීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස පසුගිය දා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විසින් නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.

"ආපදාවෙන් පීඩාවට පත් පාසල් දරුවන්ට නිල ඇඳුම්, පෙළ පොත් බෙදාහැරීමට සියලු කටයුතු සූදානම්"

සහන සැලසීමේ මෙහෙයුම්වලට අමෙරිකා නාවික හමුදාවේ නෞකාවක් එයි

(කොළඹ, ලංකාපුවත්) – අමෙරිකානු නාවික හමුදාවට අයත් “ලේක් ඊරි” යුද නෞකාව පශ්චාත් සහන සැලසීමේ ‍මෙහෙයුම් සඳහා ඊයේ(11) කොළඹ වරායට සේන්දු විය.

"සහන සැලසීමේ මෙහෙයුම්වලට අමෙරිකා නාවික හමුදාවේ නෞකාවක් එයි"

ජල ගැලීමෙන් හානියට පත් දිස්ත්‍රික්කවල කර්මාන්ත පිළිබඳ සමීක්‍ෂණයක්

(කොළඹ, ලංකාපුවත්) – ජල ගැලීමෙන් හානියට පත් රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වල සුළු හා මධ්‍ය පරිමාණ සහ ක්‍ෂුද්‍ර කර්මාන්ත පිළිබඳව සමීක්ෂණයක් කරන ලෙස කාර්මික සංවර්ධන මණ්ඩලයට සහ ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය උපදෙස් දී ඇතැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි. අමාත්‍යවරයා මෙසේ ද පැවසීය.

"ජල ගැලීමෙන් හානියට පත් දිස්ත්‍රික්කවල කර්මාන්ත පිළිබඳ සමීක්‍ෂණයක්"

කටාර් හි සිටින ශ්‍රී ලාංකිකයින් ගැන බදාදා විශේෂ සාකච්ඡාවක්

(කොළඹ, ලංකාපුවත්) – කටාර්හි වෙසෙන ශ්‍රී ලාංකිකයින් පිළිබඳ සාකච්ඡා කිරීමට කටාර්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දී ලබන බදාදා(14) විශේෂ හමුවක් පැවැත්වෙන බව කටාර්හි ශ්‍රී ලංකා තානාපති ඒ එස් පී ලියනගේ මහතා පැවසීය.

"කටාර් හි සිටින ශ්‍රී ලාංකිකයින් ගැන බදාදා විශේෂ සාකච්ඡාවක්"

මුරලිදරන්ට ‘හෝල් ඔෆ් ෆේම්’ සම්මානය

(කොළඹ, ලංකාපුවත්) – අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයෙන් ක්‍රිකට් ක්‍රීඩකයෙකුට ලබාදෙන ඉහළම සම්මානය වන ‘හෝල් ඔෆ් ෆේම්’ සම්මානයෙන් හිටපු ශ්‍රී ලංකා සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් පිඳුම් ලැබුවේය.

"මුරලිදරන්ට ‘හෝල් ඔෆ් ෆේම්’ සම්මානය"