පිලිප් කුමරු රාජකීය රාජකාරිවලින් විශ්‍රාම ගනියි

(කොළඹ, ලංකාපුවත්) –බ්‍රිතාන්‍ය එලිසබත් මහ රැජිණගේ සැමියා වන එඩින්බරෝ ආධිපාද පිලිප් කුමරු රාජකීය රාජකාරිවලින් විශ්‍රාම ගෙන ඇත.

රාජකීය රාජකාරිවලින් විශ්‍රාම යාම පිලිප් කුමරු විසින් ගත් තීරණයක් බව බකිංහැම් මාලිගය නිවේදනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.

එඩින්බරෝ ආදිපාද පිලිප් කුමරුගේ 96 වන උපන්දිනය ලබන ජුනි මස 10 වනදාට යෙදී තිබේ.

පිලිප් කුමරු රාජකීය රාජකාරී වලින් විශ්‍රාම ගියද ඔහු සභාපතීත්වය හා සාමාජිකත්වය දරණ 780කට වැඩි සංවිධානවල කටයුතුවල අඛණ්ඩව නිරත වන බව බකිංහැම් මාලිගය ප්‍රකාශ කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *