ට්‍රම්ප්, පලස්තීන නායකයා හමුවෙයි

(කොළඹ, ලංකාපුවත්) – ඊශ්‍රායල හා පලස්තීන ජනයාට සාමය ළගා කර ගැනීමට දිය හැකි සෑම උදව්වක්ම ලබා දීමට සූදානම් බව අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටියි.

ඩොනල්ඩ් ට්‍රම්ප්, බටහිර ඉවුරේදී පලස්තීන නායක මහමුද් අබ්බාස් හමු වූ අවස්ථාවේ දී මේ බව පවසා ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කරයි.

අමෙරිකා ජනාධිපතිවරයාගේ පළමු නිල සංචාරය වන මැදපෙරදිග සංචාරයේ අවසන් දිනය අද වේ. පලස්තීන නායක මහමුද් අබ්බාස් සමග අමෙරිකා ජනාධිපතිවරයා පැවැත් වූ සාකච්ඡාවේ දී ඊශ්‍රායලය හා පලස්තීනය අතර මතුව තිබෙන අර්බුදය සමථයකට පත්කිරීම සදහා අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ග පිළිබද වැඩි අවධානයක් යොමුව ඇත.

ඊශ්‍රායලය සහ පලස්තීනය අතර වසර තුනකට අධික කාලයක් ඝෘජු සාකච්ඡා පැවැත්වීමට නොහැකි වී තිබේ. දෙරට අතර පවතින තත්ත්වය අතිශය දුෂ්කර කටයුත්තක් බවට ද ට්‍රම්ප් මෙහිදී පිළිගෙන තිබේ.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා පලස්තීන නායකයා අතර සාකච්ඡා ඉතාමත් සාර්ථක ලෙස පවත්වා තිබුණි.

ජෙරුසලමේදී අදහස් දැක් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ තම රට කිසිදු දිනක ත්‍රස්තවාදයට උදව් දෙමින් න්‍යෂ්ටික අවි භාවිත කරන්නේ නැති බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *