එක්දින ශ්‍රේණිගතකිරීම්වල ශ්‍රී ලංකාවට 07 වන ස්ථානය

(කොළඹ, ලංකාපුවත්) – අයි.සී.සී එක්දින ශ්‍රේණිගතකිරීම්වලට අනුව ශ්‍රී ලංකා කණ්ඩායම තවදුරටත් හත් වන ස්ථානයේ පසු වේ.

බංග්ලාදේශ කණ්ඩායම ශ්‍රී ලංකාවට ඉදිරියෙන් සිටින අතර ඔවුන් 06 වන ස්ථානය ලබා සිටි.

දකුණු අප්‍රිකාව තවදුරටත් පළමු ස්ථානයත්, ඕස්ට්‍රේලියාව දෙවන ස්ථානයත් ලබා සිටින අතර ඉන්දියාව පසුවන්නේ තුන්වන ස්ථානයේය.

මේ අතර එක්දින පිතිකරු ශ්‍රේණිගතකිරීම්වල පළමු ස්ථානයට පැමිණිමට විරාට් කෝලි සමත්ව ඇත.
එහි දෙවන සහ තුන්වන ස්ථාන ලබා ඇත්තේ ඩේවිඩ් වෝනර් සහ ඒ.බී.ඩිවිලියස් විසින්ය.

පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගතකිරීම්වල පළමු ස්ථානය ඕස්ට්‍රේලියාවේ ජොස් හැස්ල්වුඩ් ලබා සිටි.
එහි දෙවන ස්ථානය ඉම්රාන් තහීර්ටත්, තුන්වන ස්ථානය මිචෙල් ස්ටාර්ක් වෙතත් හිමිව තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *