ධවල මන්දිරයේ නත්තල් ගස ආලෝකමත් කරයි

(ලංකාපුවත් | කොළඹ) – නත්තල් සැමරුම නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමේ සමාරම්භක උත්සවයක් ධවල මන්දිරයේදී පැවැත්වුනි.

මෙම සමාරම්භක උත්සවය අමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් සහ ජිල් බයිඩ්න්ගේ ප්‍රධානත්වයෙන් ධවල මන්දිරය ඉදිරිපිටදී ඊයේ(02) පැවැති අතර වාර්ෂික නත්තල් ගස එළිදැක්වීම ද එහිදී සිදු විය.

ජනාධිපති ජෝ බයිඩ්න් විසින් එම නත්තල් ගස ආලෝකමත් කළේය. එම අවස්ථාවය රැප් ගායක එල්එල් කූල් ජේ ද එක්ව සිටියේය.

ජෝ බයිඩ්න් ඇමෙරිකා ජනාධිපති ධුරයේ රාජකාරී කටයුතු ආරම්භ කිරිමෙන් අනතුරුව ධවල මන්දිරයේ නිල නත්තල් සැමරුමට සහභාගී වූ ප්‍රථම අවස්ථාවද මෙය වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *