ගැඹුරු මුහුදේ ධීවර කර්මාන්තය සදහා සුදුසු ප්‍රදේශ නම් කිරීමට නාරා ආයතනය පියවර ගනී

(කොළඹ, ලංකාපුවත්) – ගැඹුරු මුහුදේ ධීවර කර්මාන්තය සදහා සුදුසු ප්‍රදේශ නම් කිරීමට නාරා ආයතනය පියවර ගෙන ඇත.

එම නිර්දේශ නිකුත් කළ දින සිට දින 03ත් 05ත් අතර කාලයකට වලංගු බව එම ආයතනය පෙන්වා දෙයි.

නිවේදනයට අනුව කටයුතු කිරීමෙන් ධීවර ජනතාවට කාලයත් මුදලත් ඉතිරි කර ගත හැකි බව නාරා ආයතනය පැවසීය.

මෙම තොරතුරු අඩංගු සිතියම සෑම සදුදා, බදාදා සහ සිකුරාදා දිනකදීම ධීවර වරායන් වෙත ලබාදෙන අතර එහි පිටපත් ඊ මේල් හෝ ෆැක්ස් මගින් නොමිලේ ලබාගත හැකිය. 0112 52 01 93 දුරකතන අංකයෙන් වැඩිදුර තොරතුරු ලබා ගත හැකි බව නාරා ආයතනය දැනුම් දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *