නව ආරක‍ෂක ලේකම් කපිල වෛද්‍යරත්න – නැගෙනහිර ආණ්ඩුකාරධූරය රෝහිතට

(කොළඹ, ලංකාපුවත්) – නව ආරක‍්ෂක ලේකම් ලෙස හිටපු අතිරේක සොලිසිටර් ජනරාල් කපිල වෛද්‍යරත්න මහතා පත් කර තිබේ.

ඒ හිටපු ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමගය.

මේ අතර නැගෙනහිර පළාත් නව ආණ්ඩුකාර ලෙස රෝහිත බෝගොල්ලාගම මහතා පත්කිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කටයුතු කර තිබේ.

ඒ නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකා ඔස්ටින් ප්‍රනාන්දු මහතා ජනපති ලේකම් ලෙස පත්වීමෙන් පුරප්පාඩු වූ තනතුර සඳහාය. නීතිඥයෙකු මෙන්ම විදේශ කටයුතු අමාත්‍යවරයෙකු වශයෙන්ද රෝහිත බෝගොල්ලාගම මහතා කටයුතු කර ඇති අයෙකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *