ජී-20 සමුළුවට විරෝධය පළ කරමින් හැම්බර්ග්හි විරෝධතාවක්

(කොළඹ, ලංකාපුවත්) – අද(07) ආරම්භ වීමට නියමිත ජී – 20 සමුළුවට විරෝධය පළකරමින් විශාල පිරිසක් පර්මනියේ හැම්බර්ග් නගරයේ උද්ඝෝෂණවල නිරත වන බව වාර්තා වේ. මේ සඳහා 12,000ක පමණ පිරිසක් සහභාගී වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

විරෝධතාකරුවන් පළවා හැරීමට පොලීසිය ජල ප්‍රහාර එල්ලකර තිබේ. පොලීසිය සහ විරෝධතාකරුවන් අතර ගැටුම් ද හටගෙන ඇති අතර එයින් බොහෝ පිරිසක් තුවාල ලැබූ බව වාර්තා වේ. අවම වහයෙන් පොලිස් නිලධාරීන් 76ක් පමණ එහිදී තුවාල ලබා ඇතැයි සදහන් වේ.

ජී -20 සමුළුව අද සහ හෙට ජර්මනියේ හැම්බර්ග් නුවර දී පැවැත්වීමට නියමිත‍ය. එය මෙවර පැවැත්වෙන්නේ දොළොස්වැනි වරට.

අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇතුළු රාජ්‍ය නායකයන් රැසක් මේ වන විටත් සමුළුවට සහභාගී වීම සඳහා ජර්මනියට පැමිණ සිටි.

සමුළුවේ ආරක්ෂාව සඳහා විසි දහසක පමණ පොලිස් බළඇණියක් යොදා ඇති අතර අද සහ හෙට ලක්ෂයක පමණ විරෝධතාකරුවන් පිරිසක් පැමිණෙනු ඇති බව එරට බලධාරීන් සඳහන් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *