ශ්‍රී ලංකාවට කඩුලු 08ක විශිෂ්ට ජයක්

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා කණ්ඩායම හා සිම්බාබ්වේ කණ්ඩායම අතර ඊයේ(06) පැවැති තෙවන එක්දින තරඟයෙන් කඩුලු 08 ක විශිෂ්ට ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

පළමුව පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම නියමිත පන්දුවාර පනහ අවසානයේ කඩුලු අටක් දැවී ලකුණු 310 ක් ලබා ගත්තේය.

ඒ අනුව ලකුණු 311 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා පිල පන්දුවාර 47 යි පන්දු 2 ක් අවසානයේ දී කඩුලු දෙකක් දැවී ලකුණු 312 ක් ලබා ගෙන තරගේ ජය වාර්තා කළේය.

ඒ අනුව තරග 5කින් යුත් එක් දින තරගාවලියේ තරග 2කට එකක් ලෙස ඉදිරියෙන් පසුවීමට ශ්‍රී ලංකා පිලට හැකි වී තිබේ.

 

(ඡායාරූප උපුටා ගැනීම – thepapare.com)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *