මෙරට ප්‍රථම වරට හදවත් බද්ධ සැත්කම මහනුවර රෝහලේදී සාර්ථකව

(කොළඹ, ලංකාපුවත්) – මෙරට වෛද්‍ය ඉතිහාසයේ ප්‍රථම හදවත් බද්ධ සැත්කම මහනුවර මහරෝහලේදී සාර්ථකව සිදුකොට ඇත.

පසුගිය 07 වැනිදා රාත්‍රියේ ආරම්භ කළ මෙම සැත්කමට පැය 8ක කාලයක් ගතවී ඇති අතර, ඊට විශේෂඥ වෛද්‍යවරු 20ක කණ්ඩායමක් සහභාගී වී තිබේ.

හදවත් බද්ධය සිදු කර ඇත්තේ 36 හැවිරිදි කාන්තාවකටය. රිය අනතුරක් හේතුවෙන් බරපතල තුවාල ලැබූ මහනුවර මහරෝහලේ ස්නායු ශල්‍ය ඒකකයේ යන්ත්‍රයක් මගින් හෘදස්පන්දනය පවත්වාගෙන ගිය 23 හැවිරිදි තරුණයෙකුගේ හදවත මෙම කාන්තාවට බද්ධ කර තිබේ..

එම තරුණයාගේ මොළය මිය ගිය බවට තහවුරු කරගැනීමෙන් පසුව ඔහුගේ හදවත මෙම කාන්තාවට බද්ධ කරනු ලැබුවේය.

කාන්තාව මේ වන විට යහපත් සෞඛ්‍ය තත්වයෙන් මහනුවර මහරෝහලේ හෘද රෝග දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.

එම තරුණයාගේ වකුගඩු ද වෙනත් වකුගඩු රෝගීන් දෙදෙනෙකුට සාර්ථකව බද්ධ කළ බව මහනුවර මහරෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සමන් රත්නායක මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *