අඩු ආදායම්ලාභී කාන්තාවන් රජයෙන් දිරියක්

(කොළඹ, ලංකාපුවත්) – අඩු ආදායම්ලාභී කාන්තාවන් 3,750 දෙනෙකු සුළු පරිමාණ ඇඟලුම් හා මැහුම් ක්ෂේත්‍රයේ ව්‍යවසායකයන් බවට පත් කිරීමේ වැඩසටහනක් රජය විසින් ආරම්භ කර තිබේ.

ඒ, රැකියා දස ලක්ෂයක් උත්පාදනය කිරීමේ වැඩපිළිවෙළ යටතේ ය. වැඩසටහන වෙනුවෙන් දිවයින පුරා පුහුණු මධ්‍යස්ථාන 150ක් ස්ථාපනයට නියමිතය.

එක් මධ්‍යස්ථානයක් සදහා විදුලියෙන් ක්‍රියාත්මක අධිවේගී මහන මැෂින් 25ක් එක්කෙරේ. කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය ඊට වැය කරන මුදල රුපියල් දොළොස් ලක්ෂයට ආසන්නයෙ.

පළමු මධ්‍යස්ථානය රත්නපුර – මාරපන ප්‍රදේශයේ දී ඊයේ (02)විවෘත කෙරුණි. ඒ, නියෝජ්‍ය අමාත්‍ය දුනේෂ් ගන්කන්ද මහතාගේ ප්‍රධානත්වයෙනි. ග්‍රාමීය ආර්ථිකය නැංවීම වැඩපිළිවෙළේ ප්‍රමුඛ අරමුණය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *