බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ දස්කම් දැක්වූ නිලධාරීන් 60ක් ඇගයීමට ලක් කරයි

(කොළඹ, ලංකාපුවත්) – බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ, ජාතික හා ජාත්‍යන්තර වශයෙන් දස්කම් දැක්වූ කණිෂ්ට හා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 60 දෙනෙකු සඳහාට සම්මාන පිරිනැමීමට නියමිතය.

112 වැනි බන්ධනාගාර දිනයට සමගාමීව බන්ධනාගාර නිලධාරීන්ගේ සේවය ඇගයීමේ වර්ණ ප්‍රධාන උත්සවය බන්ධනාගාර කොමසාරිස් ජනරාල් එච්.එම්.සී. ධනසිංහ මහතාගේ උපදෙස් මත ලබන ඉරිදා(06) පස්වරුවේ කොළඹ කිංස්බරි හෝටලයෙහි දී පැවැත්වේ.

එහිදී බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ජාතික හා ජාත්‍යන්තර වශයෙන් දස්කම් දැක්වූ කණිෂ්ට හා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 60 දෙනෙකු සඳහා සම්මාන පුදකරනු ලැබේ.

නිලධාරීන්ගේ ක්‍රීඩා කෞශල්‍යය තව තවත් වර්ධනය කිරීම වෙනුවෙන් වාර්ෂිකව මෙම වර්ණ රාත්‍රිය සංවිධාන කරයි.

මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය ස්වාමිනාදන් මහතාද සහභාගී වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *