කොන්ක්‍රීට් තට්ටුවක් කඩා වැටීමෙන් තිදෙනෙක් යටවෙයි

(කොළඹ, ලංකාපුවත්) – මීගමුව පෙරියමුල්ල පාලම අසළ ප්‍රදේශයේ ඉදි කරමින් පැවැති හෝටලයක කොන්ක්‍රීට් තට්ටුවක් කඩා වැටීමෙන් පුද්ගලයින් තිදෙනෙකු එයට යටවී ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කරන ලද්දේ අද(17) දහවල් මෙම අනතුර සිදු ව ඇති බවය.

යටවූ තිදෙනාගෙන් දෙදෙනෙකු මුදාගෙන ඇති අතර ඔවුන් ප්‍රතිකාර සදහා මීගමුව රෝහලට ඇතුලත් කර තිබේ.

එසේම අනෙක් පුද්ගලයා බේරා ගැනීමට කටයුතු කරමින් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *