වෙනිසියුලාවේ හිටපු නීතිපතිවරිය අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර වරෙන්තුවක් ලබාගැනීමට සැරසෙයි

(කොළඹ, ලංකාපුවත්) – වෙනිසියුලාවේ හිටපු නීතිපතිවරිය අත්අඩංගුවට ගැනීම සදහා ජාත්‍යන්තර වරෙන්තුවක් ලබාගැනීමට බලාපොරොත්තු වන බව එරට ජනාධිපති නිකලස් මදුරෝ පවසයි.

හිටපු නීතිපති ලුයිසි ඔටේගා සහ ඇගේ සැමියා බරපතල අපරාධ රැසකට සම්බන්ධ බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

වෙනිසියුලා අධිකරණය ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග අනුගමනය කිරීමට නියමිතය.

කෙසේ වෙතත් ඔටේගා මහත්මිය පවසන්නේ මෙය දේශපාලන පළිගැනීමක් බවය. පසුගිය සතියේ රටින් පළාගිය හිටපු නීතිපතිවරිය සහ ඇගේ සැමියා අමෙරිකාවේ රැකවරණ පතන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *