නව අධිකරණ ඇමතිනිය හා බුද්ධශාසන අමත්‍යවරයා දිව්රුම් දෙයි

(කොළඹ, ලංකාපුවත්) – රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී තලතා අතුකෝරල මහත්මිය නව අධිකරණ අමාත්‍යවරිය ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද(25) ඉදිරියේ දිවුරුම්දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේය.

මීට අමතරව විජයදාස රාජපක්ෂ මහතා ඉවත් කිරීමෙන් පසු හිස්වූ බුද්ධශාසන අමාත්‍ය ධූරයේ ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාද දිව්රුම් දෙනු ලැබීය

ඒ අනුව මීට පෙර එක් අමාත්‍යවරයෙකු යටතේ පැවති බුද්ධශාසන හා අධිකරණ අමාත්‍යධූර මින් පසු අමාත්‍යවරුන් දෙදෙනෙකු යටතට පත්වනු ඇත.

නව අධිකරණ අමැති ධුරයට පත් වීමට නියමිත තලතා අතුකෝරළ මහත්මිය වෘත්තියෙන් නීතීඥවරියකි. එක්සත් ජාතික පක්ෂයේ කීර්තිමත් මහ ලේකම් වරයකු වූ ගාමිණී අතුකෝරළ මහතාගේ නැගණිය ද වන ඇය, ඔහුගේ අභාවයෙන් පසු එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින්  රත්නපුර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්විය.

බුද්ධ ශාසන ඇමතිවරයා දිවුරුම් දීමට නියමිත ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යේෂ්ඨතම සාමාජිකයකි. 1977 ජේ. ආර්. ජයවර්ධන රජය සමයේදී රනිල් වික්‍රමසිංහ මහතා සමග පාර්ලිමේන්තුව නියෝජනය කළ ඔහු වත්මන් පාර්ලිමේන්තුවේ සිටින ජ්‍යෙෂ්ඨතම සාමාජිකයන් කීප දෙනා අතුරින් ද කෙනෙකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *