නඩු කඩිනමින් අසා නිම කිරීම සදහා නව පනතක්

(කොළඹ, ලංකාපුවත්) – නඩුවක් අවසන් වීමට දිර්ඝ කාලයක් ගත වීමේ තත්ත්වය අවම කිරීම සදහා නව පනතක් රජය විසින් ඉදිරියේ දී ගෙන එන බව අධිකරණ ඇමති තලතා අතුකෝරල මහත්මිය පවසයි.

නඩු කටයුතු කඩිනමින් අවසන් කිරීමේදි පොලිසියේ කාර්ය භාරයත් වැදගත්. අද පොලිසියත් පුරුදු වෙලා තිබෙනවා හැම එකක්ම උපදෙස් පතලා නීතිපතිට යවනවා. ඒ සම්බන්ධයෙනුත් ළගදීම කටයුතු කරන බව ද අමාත්‍යවරිය පැවසුවාය.

ඇය මෙම අදහස් පළ කලේ ලග්ගල නව අධිකරණ ගොඩනැගිල්ලට මුල්ගල තැබීමේ අවස්ථාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරිය මෙසේ ද කියා සිටියේය.

“අද නඩු ප්‍රමාදය පිළිබදව ලොකු කථාබහක් තිබෙනවා .වගකිව යුතු රජයක් ලෙස නඩු ප්‍රමාද වෙන්න අපි කොහෙත්ම ඉඩ තියන්නේ නැහැ.අපි මේ කාලය තුළ නඩු ප්‍රමාදය අවම කරන්න විශාල වැඩ කොටසක් කළා.මහාධිකරණ විනිසුරුවැන්ගේ සංඛ්‍යාව 75 සිට 110 දක්වා වැඩි කළා.

විශේෂ අධිකරණ පිහිටුවන්න කටයුතු කළා.අද බරපතල ලෙස අපරාධ සිදු වෙනවා.සමහර විට වින්දිතයින්ගේ නඩු ඇහෙන කොට ඒ මනුස්සයාට එයින් වුණු බලපෑමත් අවසන් වෙලා .මිනීමරුමක් වුණා නම් නඩුව අවසන් වෙන කොට එය අමතකත් වෙලා.සාමාන්‍ය යෙන් අපරාධ නඩුවක් විභාග වෙලා අවසන් වෙන්න වසර 17 ක් පමණ යනවා කියලා පාර්ලිමේන්තුවේ ආංශික අධික්ෂණ කමිටුව ප්‍රකාශ කරලා තිබෙනවා.ඒ නිසා ඒ තත්වයෙන් මිදෙන්න නඩු කඩිනමින් විභාග කර අවසන් කළ යුතු බව ද අධිකරණ අමාත්‍යවරිය සදහන් කළාය.

ලබන වසරේ අධිකරණ සංකීර්ණ හා ගොඩනැගිලි ගණනාවක් ඉදි කරන්න අය වැයෙන් අපි මුදල් වෙන් කළා.ඒවා කඩිනමින් ආරම්භ කරනවා.”

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *