ඇතින්නියන් සඳහා විද්‍යුත් සංඥා සහිත කරපටියක්

(කොළඹ, ලංකාපුවත්) – වන අලි සංචරණ රටාව හඳුනා ගැනීමට ඇතින්නියන් සඳහා විද්‍යුත් සංඥා සහිත කරපටියක් හඳුන්වාදීමට වනජිවී දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

එහි ආරම්භක වැඩසටහන ක්‍රියාවට නැංවුණේ මින්නේරිය හා කවුඩුල්ල ජාතික වනෝද්‍යාන කේන්ද්‍ර කරගනිමිනි.

වනඅලි රංචුවල සංචරණ රටාවන් අධ්‍යයනය කිරීම හා එම සතුන් ගමන් ගන්නා මාර්ග හඳුනා ගැනීමට මෙම විද්‍යුත් සංඥා සහිත කරපටියෙන් හැකියාව ලැබේ.

වනඅලි සංරක්ෂණ භාරය මගින් ඇතින්නියන් හඳුන්ගෙන එම සතුන්ට මෙම විද්‍යුත් කරපටිය පළඳවනු ඇත.

පොළොන්නරුව, මින්නේරිය හා කවුඩුල්ල ජාතික වනෝද්‍යානවල මෙම වැඩපිළිවෙළ ආරම්භ කර තිබේ.

එක් කරපටියක වටිනාකම රුපියල් ලක්ෂ 7ක් වන අතර මෙම කරපටියකින් සෑම පැය 4කට වරක් විද්‍යුත් සංඥාවක් නිකුත් කෙරේ.

සත්ත්වයා සිටින ස්ථානය ඒ තුළින් තීරණය වන අතර දිනකට කොතරම් දුරක් එම සත්ත්වයා ඇවිදින්නේ ද යන්න මෙමගින් අධ්‍යයනය කළ හැකිය. සංචාරකයන්ට වනඅලි නැරඹඹීමට පහසුකම් සැපයීමේ දී ද මෙය බෙහෙවින් උපකාරී වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *