තොරතුරු ලබා දීමේ ඉහළ සාමාන්‍යයක් අධ්‍යාපන අමාත්‍යංශය වාර්තා කරයි

(කොළඹ, ලංකාපුවත්) – පසුගියදා සම්මත කෙරුණු තොරතුරු දැනගැනීමේ පනත අනුව තොරතුරු ලබා දීමේ ඉහළ සාමාන්‍යයක් වාර්තා කර ඇත්තේ අධ්‍යාපන අමාත්‍යාංශයයි.

වැඩිම තොරතුරු සඳහා ඉල්ලීම් ප්‍රමාණයක් යොමු කර ඇත්තේද අධ්‍යාපන අමාත්‍යාංශයට වන අතර ඔවුන්ගේ තොරතුරු ලබාදීමේ සාමාන්‍ය 35%ක් වේ.

රාජ්‍ය පරිපාලන සහ කළමණාකරන අමාත්‍යාංශයේ තොරතුරු ලබාදීමේ සාමාන්‍ය 30% වන අතර ඔවුන් ඒ අනුව තොරතුරු ලබාදීමේ ප්‍රතිශතය අනුව දෙවන තැන පසුවේ.

තොරතුරු දැනගැනීම අයිතිවාසිකම් පනත ශ්‍රී ලංකාවේ පනතක් ලෙස 2016 අගෝස්තු මසයේ දී පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබුණි.

2017 පෙබරවාරි මස තුන්වැනිදා මෙම පනත සමාජ ගත වෙනවා. ඒ අනුව කෙටි කාලයක් තුළ ශ්‍රී ලංකාව අනෙකුත් රටවල්වලට වඩා තොරතුරු දැනගැනීමේ පනත ක්‍රියාත්මක කිරීම තුළ ඉදිරියෙන් පසුවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *