සිංහල අලුත් අවුරුදු නැකැත්

 පරණ අවුරුද්ද සඳහා ස්නානයට

අප්‍රේල් මස 12 බ්‍රහස්පතින්දා බෝපත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කොට ඉෂ්ට දේවතා අනුස්මරණයෙහි යෙදී වාසය මැනවි.

 අලුත් අවුරුදු උදාව

අප්‍රේල් මස 14 සෙනසුරාදා පූර්ව භාග 08.13ට සිංහල අලුත් අවුරුද්ද උදාවෙයි.

 පුණ්‍ය කාලය

අප්‍රේල් මස 14 වන සෙනසුරාදා පූර්ව භාග 01.49 සිට අපර භාග 02.37 දක්වා පුණ්‍ය කාලය බැවින් අප්‍රේල් මස 14 සෙනසුරාදා පූර්ව භාග 01.49 ට පළමුව ආහාර පාන ගෙන සියලු වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීම ද පුණ්‍ය කාලයේ අපර කොටස තුළ එනම්, 14 වන සෙනසුරාදා පූර්ව භාග 08. 13 සිට අපර භාග 02. 37 දක්වා පහත දැක්වෙන අයුරින් වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය ආදී නැකත් චාරිත්‍ර විධි ඉටු කිරීමද මැනවි.

 ආහාර පිසීම

අප්‍රේල් මස 14 සෙනසුරාදා පූර්ව භාග 10.40ට නිල් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී උතුර දිශාව බලා ළිප් බැඳ, ගිනි මො‍ළවා හකුරු මිශ්‍ර කිරිබතක් ද අග්ගලා සහ තල මිශ්‍ර කැවිලි වර්ගයක්ද පිළියෙල කරගැනීම මැනවි.

 වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය

අප්‍රේල් මස 14 සෙනසුරාදා පූර්ව භාග 11.53ට නිල් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී උතුර දිශාව බලා වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභවය මැනවි.

 හිසතෙල් ගෑම

අප්‍රේල් මස 16 සඳුදා පූර්ව භාග 10.16ට උතුර දිශාව බලා හිසට දිවුල් පත්ද, පයට ඉඹුල් පත් ද තබා සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දිවුල් පත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කිරීම මැනවී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *