ලොව හොදම දුම්රිය ගමන් අතරට යාල්දේවීයත්

(කොළඹ, ලංකාපුවත්) – ලොව හොදම දුම්රිය ගමන් 18 අතරට ශ්‍රී ලංකාවේ යාල්දේවී දුම්රිය ගමන් මගද එක් කර ඇත.

එංගලන්තයේ පළවන ගාඩියන්ස් පුවත්පත විසින් ලෝකයේ රටවල් ගණනාවක සංචාරකයන් ගමන් ගන්නා දුම්රිය සම්බන්ධයෙන් සමීක්ෂණයක් සිදු කර තිබේ. එම සමීක්‍ෂණයට අනුව යාල්දේවී දුම්රියට මෙලෙස ප්‍රසාද ස්ථානයක් හිමිව තිබේ.

යාල්දේවී දුම්රිය ගමන ආරම්භ වී ඇත්තේ 1950 වසරේදීය. කොළඹ – කොටුව හා කන්කසන්තුරේ අතර ධාවනය වන ශීඝ්‍රගාමී දුම්රියක් වූ ‘යාල්දේවී දුම්රිය’ දශක දෙකක් පුරා ශ්‍රී ලංකාවේ පැවැති යුදමය වාතාවරණය හේතුවෙන් සම්පූර්ණයෙන්ම අත්හිටුවා තිබුණි. පසුකාලීනව 2014 වසරේ දී යාල් දේවී දුම්රිය ගමන් යළි ආරම්භ විය. නමුත් වර්තමානයේදී එම දුම්රිය ධාවනය වන්නේ ගල්කිස්ස හා කන්කසන්තුරය අතර පමණි.

දුම්රිය ගමන් කරන මාර්ගයේ ඇති චමත්කාරජනක තත්ත්වය, ගමනේ ස්වභාවය, ජනතා ප්‍රසාදය හා විශ්වාසය වැනි කරුණු කීපයක් පදනම් කරගෙන මෙම සමීක්ෂණය සිදුකොට ඇති අතර, ඉතා දීර්ඝ කාලයක් විශාල දුරක් ගමන් කිරීම පදනම් කරගෙන යාල්දේවී දුම්රියට මෙම ප්‍රසාද ස්ථානය හිමි වී තිබේ.

ගාඩියන්ස් වෙබ් අඩවියේ යාල්දේවි සම්බන්ධයෙන් විස්තරයක් ද පළ කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *