වාහන තදබදය කළමනාකරණයට ගූගල් සහාය

(කොළඹ, ලංකාපුවත්) –කොළඹ නගරයේ සහ වෙනත් ප්‍රධාන නගරවල පවතින අති විශාල රථ වාහන තදබදය ගුගල් දත්ත භාවිතා කරමින් කළමනාකරණය කිරිමට ජාතික පොලිස් කොමිෂන් සභාව කටයුතු කරගෙන යයි.

මේ සම්බන්ධයෙන් ‍මොරටුව විශ්ව විද්‍යාලයේ මහාචාර්ය අමල් කුමාරගේ මහතා රථ වාහන කළමනාකරණය වැඩි දියුණු කිරිම පිළිබද සකස් කරන ලද මෟදු කාංග පද්ධතියන් සම්බන්ධව විශේෂ ඉදිරිපත් කිරිමක් පසුගිය 14 වැනිදා පොලිස්පතිවරයා සහ ජ්‍යෙෂ්ඨ පොලිස් නිළධාරින්ගේ සහභාගිත්වයෙන් කොමිෂන් සභාවේදි ඉදිරිපත් කරනු ලැබිණි. මෙරට ප්‍රධාන නගර මේවන විට මුහුණ පා ඇති රථ වාහන තදබදයට හේතු වන කරුණු කිහිපයක් මෙහිදි අවධාරණයට යොමු කරනු ලැබිය.

මෙහිදි පසුගිය කාලය තුළ පුද්ගලික වාහන අතිවිශාල ප්‍රමාණයක් මංමාවත්වලට පැමිණිම සහ පොදු වාහන සේවා වන දුම්රිය සේවය සහ බස් සේවය දුර්වල විම සහ එම සේවාවල සේවා තත්ත්වයන්ගේ පිරිහිම මෙම තත්ත්වයට බලපා ඇති බව මහාචාර්ය කුමාරගේ මෙහිදි අවධාරණය කළේය. මෙම තත්ත්වය මාර්ග අනතුරු ඇති විමටද හේතු වි ඇති බව මෙහිදි පෙන්වා දුන්නේය. විශාල ලෙස ඉහල යන පුද්ගලික රථවාහන තදබදය සහ රථවාහන තදබද පමණක් නොව විශාල මිනිස් පැය ගණනක් නිකරුනේ නාස්ති වි යන අතර ඉන්ධන අපතේ යාමද අති විශාල වෙයි.

රථවාහන වලින් පිට වන අහිතකර වායු හේතුවෙන් කොළඹ මහනුවර වැනි නගර තවදුරටත් ජිවත් විමට නොහැකි නගර බවට පත්වි ඇති බවද මෙහිදිපෙන්වා දි තිබේ. මෙම රථවාහන ගැටලුවට දිර්ඝ කාලින විසදුමක් ලෙස ගූගල් දත්ත භාවිතා කරමින් රථවාහන කළමානාකරණය කිරිම සඳහා තාක්ෂණය සාර්ථකව උපයෝගි කරගත හැකි බවට මහාචාර්ය කුමාරගේ මෙහිදි පෙන්වා දුන්නේය.

මේ වන විට පවතින වාහන තදබදය රථවාහන පොලිසියට පාලනය කර ගැනිමට නොහැකි වන තරම් උග්‍ර වි ඇති බවද මෙිදි පෙන්වා දුන්නේය. ගුගල් දත්ත භාවිතා කරමින් මෙම නව වැඩ පිළවෙල ක්‍රියාත්මක කිරිමට පොලිසියට අමතරව තවත් ආයතන කිහිපයක් නිසි කළමානාකාර්ත්වයකින් කටයුතු කළ යුතු බවද මෙහිදි පෙන්වා දෙනු ලැබිණි ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපති නිතිඥ පි එචි මනතුංග මහතාගේ සංකල්පයක් අනුව 2017 වර්ෂයේදි ජාතික පොලිස් කොමිෂන් සභාව පොලිසියේ මැදිහත්විම ප්‍රමඛතම අවශ්‍යතා හතක් හදුනාගෙන ඒ රක් රක් අංශ සඳහා කමිටුපත් කරනු ලැබිණි. ඒ අනුව රථවාහන තද බදය අවම කරගැනිම සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *