අමෙරිකාවේ පැවැත්මට රුසියාව තර්ජනයක් – ධවල මන්දිරය

(කොළඹ, ලංකාපුවත්) – රුසියාවේ ක්‍රියාකලාපය තවදුරටත් අමෙරිකාවේ පැවැත්මට තර්ජනයක් බව ධවල මන්දිරය පවසයි.

ඔවුන් ප්‍රකාශයක් නිකුත් කරමින් දක්වා ඇත්තේ අමෙරිකාවේ අභ්‍යන්තර කටයුතුවලට රුසියාවේ අත පෙවීම් තවදුරටත් සිදුවන බවයි.

පසුගියදා රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් හමුවීමෙන් අනතුරුව ඩොනල්ඩ් ට්‍රම්ප්, අමෙරිකානු ජනාධිපතිවරණයේදී රුසියාව බලපෑම් කළ බවට සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් කියා සිටියේ එය, තමාට සිදුවූ වචන වැරදීමක් බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *