තෝරාගත් ඉපැරණි මුස්ලිම් ආගමික සිද්ධස්ථාන මහජනතාවට විවෘත කෙරේ

(කොළඹ, ලංකාපුවත්) – තෝරාගත් ඉපැරණි මුස්ලිම් ආගමික සිද්ධස්ථාන මහජනතාවට විවෘත කිරීම ලංකාවේ පැරණිතම දේවස්ථානයෙන් පසුගිය දා ආරම්භ වුණි. ඒ බේරුවල මස්ජිදුල් අබිරාර් මහ පල්ලියෙනි.

ආගමික සංහිදියාව හා ජාතින් අතර ඇති සමගිය වර්ධනය කිරීමේ අරමුණින් මෙම දේවස්ථාන අන්‍යයන් වෙනුවෙන් විවෘත කෙරේ.

මෙමගින් එම දේවස්ථාන තුල සිදුවන දෑ පිළිබධව ඕනෑම කෙනෙකුට පූර්ණ අවබෝධයක් ලබා ගැනීමට හැකි වන අයුරින් එම අවස්ථාව උදා කර දී ඇත.

මෙම අවස්ථාවට තැපැල්, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්. එච්. අබ්දුල් හලීම් අමාත්‍යතුමා,මුස්ලිම් ආගමික දෙපාර්තමේන්තුවේ නිලධාරින් ඇතුළු විශාල පිරිසක් එක් වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *