ප්‍රබල අකුණු පිළිබඳ නිවේදනයක්

(කොළඹ, ලංකාපුවත්) – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රභල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර ඇත.

මෙම නිවේදනයට අනුව අද (04) පස්වරු 2.00 සිට පස්වරු 9.00 දක්වා නිවේදනය වලංගු වන බව එම කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරයි.

මේ අතර බස්නාහිර, මධ්‍යම, උතුරු-මැද, දකුණ සහ වයඹ පළාත්වලත් වව්නියාව, මාන්නාරම සහ බදුල්ල දිස්ත්‍රික්කවලත් තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රභල අකුණු ඇතිවීමේ හැකියාවක් පවතී.

එමෙන්ම මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී 100ට වැඩි තද වැසි ද ඇතිවිය හැකි බවය.

අකුණු මගින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *