කෝටියකට අලෙවි කිරීමට සැරසුනු වාලම්පුරියක් පොලිස් භාරයට

(කොළඹ, ලංකාපුවත්) –රුපියල් කෝටියකට අලෙවි කිරීමට තැත්කළ වාලම්පුරියක් ත්‍රිකුණාමලය ප්‍රදේශයේ දී ඊයේ(02) පොලිස් බාරයට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කරයි.

ඒ සමඟ සැකකරුවන් සිව් දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇත. ත්‍රිකුණාමලය පොලිස් වසමේ 22 වැනි සේනාංක බලකා මූලස්ථාන මාර්ගයේ දී වාලම්පුරිය විකිණීමට යන බවට ලද තොරතුරක් අනූව සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර කාන්තාවක ද වනබව සදහන් ය. ඔවුන් චීන වරාය සහ මුතූර් ප්‍රදේශවල පදිංචිකරුවන්ය.

වාලම්පුරියේ දිග අඟල් 15ක් පමණ වේ.

වාලම්පුරිය රැගෙන ගිය වෑන් රථයක් ද පොලිස් බාරයට ගෙන තිබේ.

මෙම සැකකරුවන් අද(03) ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *