අධ්‍යාපන අමාත්‍යවරයා පාසල් දරුවන් වෙනුවෙන් තවත් ගමනක

(කොළඹ, ලංකාපුවත්) –අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාවේ විශේෂ නිරීක්ෂණ චාරිකාවකට සහභාගී විය.

1968 අංක 24 දරන රාජ්‍ය මුද්‍රණ නීතිගත පනතින් ආරම්භ කළ මෙම ආයතනය වර්තමානයේ පවතින්නේ අධ්‍යාපන අමාත්‍යංශය යටතේයි.

පාසල් පෙළපොත අඩුපාඩුවකින් තොරව නොපමාව ශ්‍රී ලාංකීය සිසු පරපුරට ලබා දීමේ අරමුණු පෙරදැරිව ආරම්භ කරන ලද මෙම ආයතනයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සම්බන්ධයෙන් කරුණු සොයා බැලීම මෙම චාරිකාවේ අරමුණ වේ.

පාසල් පෙළපොතට අමතරව ඍජු වෙළෙඳ නාමය යටතේ පාසල් දරුවන්ට අවශ්‍ය අභ්‍යාස පොත් මුද්‍රණ හා ප‍්‍රකාශන කටයුතුවලට රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාව ප‍්‍රකට නමක් දිනා සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *