රුසියාව සහ යුක්රේනය අතර යළිත් උණුසුම් තත්ත්වයක්

(කොළඹ, ලංකාපුවත්) –රුසියාව, යුක්රේනයට අයත් නෞකා 03 ක් අත්අඩංගුවට ගැනීමෙන් දෙරට අතර උණුසුම් තත්ත්වයක් ඇතිව තිබේ.

තම දේශසීමාවට අයත් මුහුදු ප්‍රදේශයට අනවසරයෙන් ඇතුළු වූ බව පවසමින් රුසියාව මෙලෙස යුක්රේන නෞකා සිය ග්‍රගහනයට නතුකරගෙන ඇතැයි වාර්තා වේ. එම අවස්ථාවේ එල්ල වූ වෙඩි ප්‍රහාරවලින් යුක්රේන සෙබළුන් තිදෙනෙකු තුවාල ලබා තිබේ.

මේ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ දී අද සාකච්ඡා කරන බව විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරනු ලැබේ.

එසේම රුසියාවේ දේශසීමා උල්ලංඝණය කිරීමේ මෙම සිද්ධිය පිළිබඳව විශේෂ පරීක්ෂණයක් දියත් කළ බව, රුසියානු රජය පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් දෙපාර්ශවයට එකිනෙකාට චෝදනා කර ගනිමින් පසුවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *